UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ගල්නෑව නෑගම්පහ ශ්‍රී සුමංගල දහම් පාසල

අනුරාධපුර ගල්නෑව නෑගම්පහ ශ්‍රී සුමංගල දහම් පාසල

විහාරාධිපති හිමියන් සමඟ ශ්‍රී සුමංගල දහම් පාසල් ආචාර්ය මණ්ඩලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්නෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ගල්නෑව නෑගම්පහ ශ්‍රී සුමංගල දහම් පාසල කහළුකන්ද පාමුල සුන්දර පරිසරයක පිහිටා ඇත.

කන්දේගම නාමළුව සිංහරාජ රජමහා විහාරයට අයත්වූ මෙම දහම් පාසලෙහි ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

අඹගස්වැව, තලාකොළ වැව, වල්පාලුගම, නිකත්තේගම, නාන්වත්තේගම, කන්දේගම , පීනව, කරවිලගල, ගලේගොඩ, කුඹුක්වැව, නෑගම, දියබැටියාගම, සකලසූරියගම, කදුලේගම, කඳුරුගස්වැව, පහළ ගම ආදි ගම්මාන රැසක දරු දැරියන් 250 ක් පමණ මෙම දහම් පාසලෙහි දහම් අධ්‍යාපනය ලබති. දුෂ්කරතා රැසක් මධ්‍යයේ ඉගෙනුම ලබන දහම් පාසල් දරු දැරියන්ට ඩෙස්, බංකු, හිඟවීම, ඉමහත් අඩුපාඩුවකි. විහාරාධිපති පොතුවිල සරණතිස්ස හිමියන්ගේ ඇප කැපවීමෙන් දහම් පාසල් නිල ඇඳුම සහ පොත් පත් පරිත්‍යාගයන් සිදු කෙරේ.

දහම් පාසල් ආචාර්ය මණ්ඩලය වන ශ්‍රී මේඝවර්ණාභය මහා පිරිවෙනේ හබරණ චන්දවිමල හිමි, මාතර ශාන්තරතන හිමි, නාමල්පුර සිරිරතන හිමි, එස්. එල්.එම්. එන්.පී. චන්ද්‍රකීර්ති, සිතාරා සම්මානි නවරත්න, කේ.දිල්හානි කුමාරි, සුනේත්‍රා කුමාරි , එස්.කේ. ජී. නවිනි සදුනිකා යන මහත්ම මහත්මීන්ගේ සහ මෙනෙවියන්ගේ ඇප කැප වීම අගනේය.

ශ්‍රී සුමංගල දහම් පාසල අයත්වන නාමළුව සිංහරාජ රජ මහා විහාරය පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ ඉදිකළ මෙම විහාරස්ථානය දුටුගැමුණු රජ දවස සුවිශේෂී සන්ධිස්ථානයක්ද වූ බවට ද පුරාවිද්‍යාත්මක තොරතුරු සාක්ෂි දරයි. පැරැණි කැසිකිළි පද්ධතියකින්ද, ගල්කුළුණු, ඉපැරැණි බෝධීන් වහන්සේ, අනුරාධපුර යුගයේ සඳකඩ පහණකින් ද සමන්විත වූ මෙම විහාරයේ පෞරාණික බව මනාව විදහා දක්වයි.

මෙසේ ඓතිහාසික තොරතුරු රැසකින් පරිපූර්ණ වූ මෙම විහාරස්ථානයට අයත් වූ අනුරාධපුර ගල්නෑව නෑගම්පහ ශී‍්‍ර සුමංගල දහම් පාසල ප්‍රදේශයේ දූ දරුවන්ට සොඳුරු දහම් තක්සලාවකි. එහි දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දූ දරුවන් ආදර්ශවත්ය. ගල්නෑව නෑගම්පහ ශ්‍රී සුමංගල දහම් පාසලේ අඩුපාඩු සපුරාලමින් ගුණ ගරුක දරු පිරිසක් රටට දායාද කිරීමට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා!

විශේෂ ස්තූතිය

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රජරට සේවයේ නිවේදක

පතිරාජ මහානාම සහ දඹුල්ල ජාතික

පාසලේ ආචාර්ය කේ.ඩී.එම්. ජයවර්ධන මහත්වරුන්ට

විහාරාධිපති හිමියන් සමඟ දහම් පාසල් දරු දැරියන්

දහම් පාසල් සිසු දරුවන්

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]