UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට මහා සංඝ මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (03) විවෘත කළ අවස්ථාව. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නා හිමියන් ඇතුළු මහ සඟරුවන ද කථානායක කරු ජයසූරිය මහතා ද එම අවස්ථාවට එක්වූහ.

 

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත්

නවම් පෝදා ප්‍රධාන දායකත්වය ඌරාගොඩ අමරවංශ හිමියන් සහ කිරිවැල්දොල පියනන්ද නා හිමියන් ඇතුළු වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම දායක සභාව ඇතුළු සංවිධාන මගින්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වෙන අතර නවම් පුර පසළොස්වක (10) පෝදාද මිහින්තලා පුදබිමේදී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර මිහින්තලා කප්රුක් පූජාවේ දායකත්වය වේයන්ගොඩ මාරපොල ශ්‍රී සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරිය මඟින් ඉකුත් පොසොන් පෝදා ආරම්භ කරන ලද එම කප්රුක් පූජාව සෑම පුර පසළොස්වක පෝදාකම පැවැත්වේ.

ඉතිරිය»

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]