Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නුගේගොඩ, මිරිහාන, පරණ කොට්ටාව පාර 211 /29 එච්. පුෂ්පා දාබරේ වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියන අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශයට අනුව “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඇය එක්දරු මවක් වන අතර ඉතා අසරණ බවද වකුගඩුවක් දන්දීමට කැමැති අයෙක් වෙතොත් දුරකථන අංක 077 2290240, 0772896422 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

දිවුලපිටිය, පින්නකැලේවත්ත 173 පදිංචි රසිකා පි‍්‍රයදයානි මහත්මියගේ සැමියා දැනට වසර දෙකක පමණ කාලයක සිට වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඒ සඳහා ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව මාළිගාවත්ත වකුගඩු ඒකකයේ වෛද්‍ය තුමන් නිර්දේශය කළ බවද කියයි. ඔහුට “ඕ පොසිටිව් වර්ගයේ” වකුගඩුවක් හා ආධාර මුදලක් ද පිරිනැමීමට කැමැති අයෙක් වෙතොත් වකුගඩුවක් බලාපොරොත්තු වන අතර ඔහුට කිසිම ආදායමක් නොමැති බවද කියයි. දු. අංක 072 5343046, 0772601870 අමතන්නැයිද දිවුලපිටිය කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 8710020710 යන අංකයට ආධාර කළ හැකි බවද කියයි.

****

ජාතික වෘක්කවේද හා රුධිර කාන්දු පෙරණ හා බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ වෘක්කවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහතාගේ නිර්දේශයට අනුව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ජේ.පී.ඒ. ජයවික්‍රම මහතා සඳහා පහත සඳහන් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව කියයි. “බී පොසිටිව්, බී නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගවල වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු සිටීනම් පහත සඳහන් අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 071 4718237, 075 9758422