UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක 2017.01.12

යහපත් අදිටනක්

පින්බර දුරුතු මහේ පුන්සඳ උදාවෙන විට මෙරට ඉතිහාසය පිළිබද ඓතිහාසික ආගමික පුරා වෘත්තයක් නිරන්තරයෙන් මනැසට නැගී එයි. එනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පළමුවරට මෙරටට වැඩම කළ ඓතිහාසික දිනය යෙදී තිබීමය. එම ඓතිහාසික අසිරිමත් ලංකාගමනය සිහිපත් කරවන මහියංගණ චෛත්‍යරාජයාණන් දෙවි මහ රජ දරුවන්ගේ පටන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අපමණ ගෞරව පූර්වක වන්දනාවට පත් පින් කෙතකි.

ඓතිහාසික අනුස්මරණීය දිනයක් යෙදී ඇති දුරුතු පුන් පොහොයදා යහපත් හැඟීම් වැඩි වැඩියෙන් උපදවා ගත යුතු දිනයක් වේ.

මෙම වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවය පැවැත්වෙනුයේ අපේ රටේ වීම විශේෂත්වයකි. ඊට සහභාගිවීමට බෞද්ධ රටවල මහා නාහිමිවරුන්, බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්, බෞද්ධ සංවිධානවල නායකයින් වෙත මේ වන විටද ඇරැයුම් කොට තිබෙන බව ප්‍රකටය. ජාත්‍යන්තර වෙසක් උත්සවය ඉතා උසස් අයුරෙන් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති පියවර ගැන පැසසිය යුතුය. ලෝකවාසි බෞද්ධයන්ගේ පරම පූජනීය ආගමික දිනය වෙසක් දිනයයි. එබඳු දිනයක ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරට පැවැත්වීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.

2017 වසර උදාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රුපියල් මිලියන 107 ක පුණ්‍යාධාර විහාරාධිපති ස්වාමින් වහන්සේලා වෙත පිරිනැමීම ආරම්භ විය. නව රජය ඉකුත් වසරේදී පුණ්‍යාධාර අරමුදල නමින් නව අරමුදලක් ආරම්භ කළේය. ශාසනික සේවාව සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය, ගෞරවණීය මහා සඟරුවන ට පවතින අඩුපහසුකම් ආදිය සැලකිල්ලට ගෙන අදාළ පරිත්‍යාග කිරීමේ පළමු පියවර ලෙස එය සිදු කිරීම අගය කළ යුත්තකි. රටේ එක් එක් ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන යුද, නාවික, ගුවන්,හමුදාවල සිවිල් ඉංජිනේරු අංශ විසින් භාර ගෙන කළ යුතු මූලික අඩුපාඩුකම් සකස් කිරීම පිළිබඳව ත්‍රිවිධ හමුදාවට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇති බවත් ඉකුත්දා වාර්තා විය. එමෙන්ම වෙහෙර විහාර ආරක්ෂාව සඳහා මෙන්ම පුරාවිද්‍යා ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂකයන් යොදවා තිබෙන බවද වාර්තා විය. සම්බුද්ධ ශාසනයේ හා ශාසනික මෙහෙවරේ දියුණුවට රජය උපරිම ලෙස සිය වගකීම් සහ යුතුකම් ඉටුකෙරෙන අයුරු දක්නට ලැබේ.

රටක් අධික ණය බරින් පෙළෙන විට අනාගතය සුබදායි නොවීම ස්වභාවයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ප්‍රධාන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් ඇතුළු යහපාලන රජය පත්වී ගෙවී ගිය වසරේදි රටේ පැවැති ණය බර අඩු කිරීමට කටයුතු කිරීම රහසක් නොවේ. රටේ ආදායම වැඩිකර නව කර්මාන්ත බිහිකර රැකියා හිඟය දුරුකිරීමේ කාර්යය මේ වසර ආරම්භයත් සමඟ පටන් ගත් අයුරුද දක්නට ලැබිණි. බලගතු ශ්‍රී ලංකාවක් සැලසුම් සහගත ගමනක් කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයන් තේමා කර ගනිමින් මෙරට ඉදිරි සංවර්ධන කටයුතු දීප ව්‍යාප්ත ක්‍රියාත්මක කිරීමේ ජනපතිගේ තිරසර යුගයක තෙවසර ඇරැඹුම ආර්ථික සැලැස්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේදී ඉකුත්දා ප්‍රකාශයට පත් කරන ලදී.

රටක පොදු මහජනතාව ගේ ආර්ථික ශක්තිය ගොඩනැංවිය යුත්තේ රජය මුල්වීමෙනි. කාටත් යමක් ලැබෙන ආර්ථිකයක් ලබාදීම වත්මන් රජයේ අරමුණ වෙයි. ඒ සඳහා රජය වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

යහපාලන රජයේ යහපත් අරමුණු මේ වසර ආරම්භයේදි අරඹා ඇති හෙයින් රටේ අනාගතය සඳහා අත්වැල් බැඳ ගැනීම සියලු දෙනාගේ වගකීම වේ.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]