Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

රජයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කෙරෙන 2017 නව වසර වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා (2) වැඩ ආරම්භ කළේය. ඒ නිමිත්තෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති චාම් උත්සවයට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මැති ඇමැතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම්වරුන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිරිනමමින් මහ සඟරුවන සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

බදුරාගොඩ ගස්පේ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ 79 වැනි වාර්ෂික පින්කම් මාලාවට සමගාමීව පැවැති ග්‍රාම ප්‍රදක්ෂිණ මහ පෙරහර ඉකුත් දා (30) සංචාරය කරනු ලැබීය. විහාරාධිපති ගස්පේ සද්ධානන්ද හිමියන්ගේ අනුශාසනා මත එම පෙරහර පැවැත්විණි. පෙරහර ආරම්භයට ගල්ගමුවේ සද්ධාතිස්ස හිමියන් විසින් සධාතුක කරඬුව විහාර මන්දිරය වෙත වැඩම කරවූ අතර එහිදී මූලික වතාවත් හා තේවාව පවත්වා විහාරාධිපති ගස්පේ සද්ධානන්ද හිමියන් විසින් දායක සභාවේ නියෝජිත සමන්ත උදය කුමාර මහතා වෙත සධාතුක කරඬුව බාර කරනු ලැබීය. අනතුරුව දායක සභාව සහ පෙරහර කමිටුව විසින් කැලණියේ රාජා මංගල හස්තියා මත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීම ඇරඹිණි.විහාරාධිපති ගස්පේ සද්ධානන්ද හිමියන් විසින් දායක සභාවේ නියෝජිත සමන්ත උදය කුමාර මහතා වෙත සධාතුක කරඬුව බාර කරනු ලැබූ අවස්ථාව
කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර