Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

මහණෙනි, මහාමේඝය (වර්ෂාව) සියලු සම්පත් ළඟාකර දෙන්නේද? එසේම සත්පුරුෂයන්ගේ දන්දීමද බොහෝදෙනාට හිත සුව පිණිස වෙයි. දන්දීමෙහි යහපත් සත්ගුණයෙන් සුදුසු අංග මොනවාද?

පිළිතුර (සුචිං දෙති) දියයුතු දෙය පිරිසුදුවම පිරිසුදු සිතින්ම දෙයි. (පණීත්‍යදෙති) ප්‍රණීත පි‍්‍රයමනාප දෙයම දෙයි (කාලෙන දෙති) සුදුසු කල්හිම දෙයි, (කප්පියං දෙති) කැපවූවක්ම දෙයි, (විචෙය්‍ය දෙති) විමසා බලා දෙයි, (අභිණ්හංදෙති) නිරතුරුවම දෙයි (දදං චිත්තං පසාදෙති) දුන් සිත පැහැද සිටී.

(දත්වා අත්තමනොහොති) දීමෙන් අනතුරුව සිතමින් වඩාත් පැහැදීමට පත්වෙයි.

ප්‍රශ්නය

පෙළ දහමට අනුව විශිෂ්ට ගති ලක්ෂණ අරිය වොහාර” සත්පුරුෂයන්ගේ පැවැත්ම යනුවෙන් සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර

සත්පුරුෂයන්ගේ පැවැත්ම ආකාර සතරෙකි.

මුසාවාදයෙන් වැළකීම
කේළාම් කීමෙන් වැළකීම
පරුෂ වචනයෙන් වැළකීම
හිස් වචන කීමෙන් වැළකීම

ප්‍රශ්නය

බුදුදහමට අනුව විපත්තිදායක අවස්ථා පහක් පිළිබඳ සටහන් වෙයි. ඇතැම් විපත් අපායගාමී වන තරම් දුකකට පත් නොවන අතර සමහර විපත් ඒකාන්ත වශයෙන්ම මරණින් මතු අපායගාමී දුකකට හේතුවනු ඇත. මෙම ව්‍යසනයන් (විපත්) මොනවාද?

පිළිතුර

ඤාති ව්‍යසනය භෝග ව්‍යසනය රෝග ව්‍යසනය ශීල ව්‍යසනය දෘෂ්ටි ව්‍යසනය , මෙම විපත් අපායගාමී දුක් විඳීමට තරම් නොවන අතර ශීල ව්‍යසනය හෝ දෘෂ්ටි ව්‍යසනය සත්වයෝ මරණින් මතු අපා දුකකට ඒකාන්තයෙන්ම පත් වන්නේය.