UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරු පරපුරට සදහම් සුව බෙදන රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය

දරු පරපුරට සදහම් සුව බෙදන රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය

රත්නපුර වරකාතොට පාරේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය ප්‍රදේශයට දහම් දැනුම බෙදන මහ පින් කෙතකි. මින් වසර 150 කට පමණ ඉහත දී කළුගඟේ වරකාතොට ආශි‍්‍රතව සිදුකළ රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනයකර්මයට සමගාමීව ආරම්භවූවක් බව සාසන ඉතිහාසයේ ඇති තොරතුරු අනුව සනාථ වේ.


මාවෙල සිරිසුමන හිමි

එවැනිම වූ උපසම්පදා පුණ්‍යෙීත්සවයන් දෙකක් 1943 සහ 1983 දී මෙම උදකුඛේප සීමාව මුල්කරගෙන සිදුකර ඇති අතර එම පුණ්‍යකර්මයන් සිදුකරන අවස්ථාවලදී මූලාසනයට පැවැත ඇත්තේ මෙම විහාරස්ථානයයි.

මෙම ස්ථානයේ පැවැති ඉපැරණි ඇසතු බෝධි වෘක්ෂය සහ නාග බෝධි වෘක්ෂය මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදිකිරීමට මුල්ව ඇති අතර එම ඉපැරණි නාග බෝ වෘක්ෂය මේවනවිට අභාවයට පත්ව ඇත.

ප්‍රදේශයේ ජනතාවගේ ඉමහත් ගෞරවයට සහ පුද පූජාවට පාත්‍රව පවතින ඉපැරණි බෝධි විශේෂය මහා අනුහස් පාමින් වැඩසිටියි.

මෙම විහාරස්ථානයේ ප්‍රථම විහාරාධිපති හිමිපාණන් වහන්සේ ලෙස සඳහන් වන්නේ පණ්ඩිත එළමල්දෙණියේ සිරි සුමේධාලංකාර නා හිමිපාණන් වහන්සේ ය. (1924 – 1954) උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පණ්ඩිත බටුගෙදර සිරිසුධම්ම හිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්වූ අතර වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති මාවෙල සිරිසුමන හිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්වන්නේ 1999 වර්ෂයේ දී සුධම්ම හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුවය.

ශ්‍රී බෝධිරාජ මහා විහාරයේ ස්වර්ණමය යුගය උදාවන්නේද වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති මහවෙල සිරි සුමන හිමිපාණන්ගේ විහාරාධිපති පදවි ප්‍රාප්තියෙන් පසුවයැයි පැවසීම වඩාත් නිවැරැදිය.

විහාරස්ථානයට අත්‍යවශ්‍ය අංගයක්ව පැවැති දෙමහල් විහාර මන්දිරයක් ඉදිකිරීම ධර්ම මන්දිරය සහ බෝධි ඝරය ඉදිකිරීම ඇතුළු විහාර කර්මාන්ත බොහොමයක් සිදුවුණේ උන්වහන්සේගේ මඟ පෙන්වීමෙනි. මේ වන විට ඉදිවෙමින් පවතින සිව්මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා මුල පිරුණේ ද උන්වහන්සේ තුළ පවතින සහ සම්බන්ධතා මුල් කොටගෙනය. විහාරාධිපති මාවෙල සිරිසුමන ස්වාමීන් වහන්සේ ශ්‍රී බෝධිරාජ විහාරය මුල්කරගෙන සිදුකරන ශාසනික සමාජ මෙහෙවරද සුවිසල් ය.

බෝධිරාජ විහාරය මුල්කරගෙන විවිධ සමාජ සංවිධාන ගණනාවක්ම පවත්වාගෙන යන අතර මිණිපුර ජනසෙත පදනම එහි ප්‍රමුඛත්වයක් ගනී. රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන දහම් පාසල වන්නේ ද බෝධිරාජ දහම් පාසලය. ඉංගී‍්‍රසි සහ සිංහල මාධ්‍ය දෙකින්ම දරුවනට දහම් දැනුම ලබාදීම මෙහිදී සිදු කෙරෙයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන වර්ගී කරණයේ දී දිවයිනේ හොඳම දහම් පාසල ලෙසද 2014 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ හොඳම දහම් පාසල ලෙසද තේරී පත්වන බෝධිරාජ දහම් පාසල මේ වනවිටද රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම දහම්පාසල බවටද පත්ව තිබේ. මෙහි දහම් අධ්‍යාපනය ලබන සිසු පිරිස 2000 කට වැඩිය. විහාරාධිපති මාවෙල සිරි සුමන හිමිපාණන්ගේ අනුශාසනයෙන් යුතුව දහම් පාසල මෙහෙයවන්නේ ශාස්ත්‍රපති පින්නවල සුජාත හිමිපාණන් ඇතුළු ප්‍රවීණ ගුරු මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ය.

මේ හැරුන විට බෝධිරාජ විහාරය කේන්ද්‍ර කොට ගනිමින් බෞද්ධ පෙර පාසලක්ද පවත්වාගෙන යයි. රත්නපුර නගරයේ බොද් ධජනතාවගේ ප්‍රධානතම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැලකෙන ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ශාසනාරක්ෂක බල මණ්ඩලය පිරිවෙන් ගුරු සහ දහම් ගුරු මධ්‍යස්ථානයද පවත්වාගෙන යන්නේ

විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනයෙන් යුතුවය.

වෙසක්, පොසොන් පොහෝ දිනවලදී මෙන්ම අනෙකුත් බෞද්ධාගමික වැදගත් අවස්ථා මුල් කොටගෙන රත්නපුර නගරයේ සිදුවන ආගමික උත්සව සංවිධානයේ කේන්ද්‍රස්ථානය වන්නේද ශ්‍රී බෝධිරාජ මහා විහාරයයි.

රත්නපුර ශ්‍රී බෝධිරාජ මහා විහාරය සසුන් කෙත සරසන බුද්ධ ප්‍රත්‍රයන් බිහිකරන මහා පුණ්‍ය භූමියකි.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]