Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, එම්. වින්සන්ට් පෙරේරා මාවතේ ශ්‍රී ඉසිපතනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘පරදුක්ඛ දුක්ඛිත’ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙීත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (6) පැවැත්විණි.
විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි නා හිමියන් විසින් එහි දී බුදු පිළිම වහන්සේගේ අනු රූ තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවී කරුණානායක, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තෆා, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද එම පුණ්‍යෙීත්සවයට එක්ව සිටියහ.