UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

චපල සිත් ඇත්තාගේ නුවණ නොවැඩෙයි

අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලව පසාදස්ස
පඤ්ඤාණ පරිපුරතිති.

ධම්මපදය බෞද්ධ අත්පොතට අයත් මෙම ගාථා රත්නයේ සරල තේරුම එක් අරමුණෙක්හි ස්ථිරව පිහිටි සිතක් නැති, බණ නොදන්නාවූ, ඉල්පෙන චපල සැදැහැත්තාගේ ප්‍රඥාව නොපිරෙයි යනුයි. මෙම ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදූනේ “චිත්තහත්ථ” නම් රහතන්වහන්සේ අරමුණු කරගෙනයි. සැවැත්නුවර ගොවියෙක් සිටියා. මොහු ජීවත්වුනේ ගොවිතැනින් සහ ගවපාලනයෙන්, දිනක් මොහුගේ ගවයෙක් නැතිවුණා. ගවයා සොයාගිය ඔහු ඉතාම පීඩාවට පත්වුණා. විඩාවට පැන්ටිකක් බොන්න ඔහු අසල පිහිටි අසපුවකට ගියා. ඒ අවස්ථාවේ භික්ෂූන්වහන්සේ සිටියේ දන්වළඳමිනුයි. භික්ෂූන්වහන්සේ තමන් වහන්සේලාගේ පාත්‍රයෙන් බත් මිට මිට ගෙන මෙසේ කුසගින්නේ සිටි ගොවියාට දුන්නා. එකතු කළ මෙම දානය කෙරෙහි ගොවියාට කෑදරකමක් ඇතිවුණා. ඔහුට පැවිදිවීමට සිතුනා. බිරිඳටද මේ බව දැන්වූවා. බිරිඳගේ කැමැත්ත ඇතිව මොහු තම වැඩකරන උදැල්ලද රැගෙන අසපුවට යන්න පිටත්වුණා. කුඹුරට ගිය ඔහු උදැල්ල කටු පඳුරක් තුළ සැ‍ෙඟව්වා. අසපුවට ගිය ගොවියා පැවිදිව භාවනා කමටහන් ලබාගෙන සතියක් භාවනා කළා. ඔහුට බිරිඳ සහ උදැල්ල සිහිපත් වුණා. තමා නැති නිසා බිරිඳ නොමනා ලෙස හැසිරේවි යැයි සිහියට නැගුණා. උදැල්ල කවුරු හෝ සොරාගනීවිදැයි සිතුනා. ඔහු උපැවිදිව නැවත ගෙදර ගියා.

ඉතිරිය»

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]