UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

දැහැමි දිවිය සදයි සුවය

බුදුරජාණන් වහන්සේ විසින් තවත් සිව් මසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව දේශනා කෙළෙන් දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ පිරිවරා අතනොහැර හැසිරෙන්නට වුණා. ආර්යයන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වූ අතර අනාර්ය භික්ෂූන් හඬා වැළපෙන්නට වුණා. මේ අතර ධර්මාරාම නම් භික්ෂුවක් මේ කිසිවෙකු සමඟ මුසු නොවී හුදෙකලාව ධර්මය මෙනෙහි කරමින් වාසය කළා. මේ පිළිබඳ විවිධ භික්ෂූන් උන්වහන්සේ විමසා සිටියා. තමන් වහන්සේ තවම පෘථග්ජන නිසා බුදුරදුන් ජීවමානව සිටියදීම රහත්වීමට අවැසි බවත් ඒ සඳහා ශ්‍රී සද්ධර්ම දේශනා ආවර්ජනය කෙරෙමින් විමුක්ති සුවය ප්‍රාර්ථනය කෙරෙමින් වාසය කරන බවත් පවසා සිටියා. භික්ෂූන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියා. බුදුරජාණන් වහන්සේ ධර්මාරාම භික්ෂුව කැඳවා භික්ෂූන් සැළකර සිටි මේ ප්‍රශ්නය විමසුවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම තවම අනාර්යයි, පෘථග්ජනයි. ඔබ වහන්සේ තව, සිව් මසකින් පිරිනිවන් පානා බව සැළවුණා. එනිසා ඔබවහන්සේ වැඩසිටින මේ කාලය තුළදීම කෙසේ හෝ රහත්ඵල ලැබීමේ අදිටනින් ශ්‍රී සද්ධර්මය ආවර්ජනය කෙරෙමින් දැඩි උත්සාහයක නිරතව සිටින්නෙමැයි ප්‍රකාශ කළා.

ඉතිරිය»

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]