UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර

කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර

සියවස් දෙකකට අධික දිගු ඉතිහාසයක් ඇති කොළඹ කොටහේන නාගරික පරිසරයක පිහිටි ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරස්ථානය පෞරාණික පුණ්‍ය භූමියකි.

බෝධි සත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් අධ්‍යාපන පුනරුදයේ පුරෝගාමී විද්‍යාස්ථානයක් වන විද්‍යෝදය මහ පිරිවෙන ආරම්භ කරන ලදී.

කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර 1940 දශකයේ ආරම්භ කරන ලදී.

වරින්වර රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් මත පෙරහර නතර කර දැමුනු අතර 1990 දශකයේ නිල්වක්කේ ශ්‍රී සුනීතවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත ඇසළ පූජෝත්ස්වය සමිතිය මගින් ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාගේ සහයෝගය මත ඉතා උත්කර්ෂවත් අන්දමින් වාර්ෂිකව ඇසළ මහා පෙරහර පවත්වාගෙන යන ලදී.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති තඹවිට විමලවංශ නාහිමිපාණන් වහන්සේගේ සහ ශාස්ත්‍රපති ලෙල්ලාගොඩ සීලවංශ පොඩි හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් හා මග පෙන්වීම මත 2016 අගෝස්තු මස 28 දින චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් මේ වසරේ 50 වන ස්වර්ණ ජයන්ති ඇසළ මහා පෙරහරේ ආරම්භක පියවර තැබූ අතර සැප්. 06 දින රාතී‍්‍ර විහාර මළුව වටා මල් පෙරහරද, 07 දින රාත්‍රී ගම වටා පාවාඩ පෙරහර, 8 වනදා රාත්‍රී උඩරට, පහතරට, හා සබරගමු නර්තනාංගයන්ගෙන් අලංකෘත අලි ඇතුන් සහිත දර්ශනීය ශ්‍රී සර්වඥ ධාතු පෙරහරද වීදි සංචාරය කරනු ඇත.

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]