| 
						 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 
						මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් 
						බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පින්කම් රැසක් ඉකුත් 
						17,18 දෙදින තුළ සිදු කැරිණි. ගුවන් හමුදාවේ සේවයේ නියුතුව 
						සිටියදී මියගිය අයට පින්දීමත්, ගුවන් හමුදා නිලධාරීන්ට 
						සෙත්පැතීමත් උදෙසා එම පින්කම පැවැත්විණි. 17 වනදා සර්ව 
						රාත්‍රික පිරිත් දේශනාවද 18 වනදා සංඝගත දක්ෂිණාවද 
						පැවැත්විණි. එහිදී ගුවන් හමුදාපතිතුමා මහ සඟරුවන වෙත 
						අටපිරිකර පුජා කළ අවස්ථාව.  
						ගුවන් හමුදා පාලන අධිකාරිය, නිලධාරීන් අනෙකුත් නිලයන් 
						සාමාන්‍ය කාර්ය මණ්ඩලය සහ පවුල්වල ඥාතීහුද එම අවස්ථාවට 
						සහභාගි වූහ.   |