Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කල්එළිය, දුමුන්නේගෙදර ,480/1 හි පදිංචි ආර්.ඩබ්.එස්.පී. ශාක්‍යා චන්ද්‍රසේන (අවු. 30) මහත්මියගේ වකුගඩු දෙකම අකර්මණ්‍යවී ඇති බව කියයි. එම නිසා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය ඒ. එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවත් ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් 0771738295/0770230042 දුරකථන අංක වෙත අමතන ලෙසත් ඉල්ලීමක් කෙරේ.

****

ගොතටුව. බෝගහ හන්දියේ අංක 906/14 දරණ ස්ථානයේ පදිංචි එල්. ධනවලවිතාන මහතාට බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙසට විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලී අයගෙන් උපකාර බලාපොරොත්තු වේ. දුරකථන අංක 0718712944 ට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

462/3 බී ගෝනහේන, කඩවත, ලිපිනයේ පදිංචි වයස අවුරුදු 64 ක් පමණ ඇති චිත්‍රා ක්‍රිෂ්ටීන් කරුණාරත්න මහත්මිය වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ගොදුරුවී ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන හෙයින් ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ මාළිගාවත්ත රෝහලේ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා නිර්දේශ කර ඇති බැවින් ඇයගේ ජීවිතය බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් හෝ පින්වතියක් වෙතොත් දුරකථන අංක 011- 2969358 ,0774232098,0717310733 ට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.