Print this Article


කොහුවල ධාතුමළු විහාරයේදී දිනපතා දහම් දෙසුම් මාලාවක්

කොහුවල ධාතුමළු විහාරයේදී දිනපතා දහම් දෙසුම් මාලාවක්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේදී කඨින මහා පූජෝත්සවය නිමිත්තෙන් ජූලි 20 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා වාර්ෂික දම්දෙසුම් දිනපතා දින 116 ක් මාස හතරක් වස්සාන ඍතුව පුරා විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල සෝනුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි දිනපතා සවස 6.00 බුද්ධ පූජා පින්කම් මාලාවක්ද 6.30-7.30 ධර්ම දේශනා මාලාවද පැවැත්වේ. ඒ අනුව කෝරළයාගම සරණතිස්ස හිමියන් විසින්ද 21 වනදා බෝගම්බර රතනජෝති හිමි . 22 ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි 23 වෙලේවත්තේ ගුණරතන හිමි 24 කහපොළ නන්දරතන හිමි 25 මතුගම සාන්තසිරි හිමි දම් දෙසුම් පවත්වති.