Print this Article


ප්‍රශ්නය:

සසර යහතින් ජීවත්වීම සැමගේ ඒකායන අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ප්‍රාර්ථනාවන් කෙනෙකුට ලබාගත නොහැකිවන අතර පිළිවෙතින් සරුවටම හේතු වෙයි. දන්දීම දස කුසල්හි නිරත වීම හේතුවෙන්ම මේ සම්පත් ලබාගත හැකිය ඒ සම්පත් මොනවාද?

පිළිතුර:

අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධා පචායිනො

චත්තාරො ධම්මා වඩ්ඩන්ති - ආයුවණ්නො සුඛං බලං

(ආයුෂ – වර්ණය – සැපය - කීර්තිය – දෙව්ලොව උපත )

ප්‍රශ්නය:

බුදු දහමට අනුව පංචස්ඛන්ධ විවරණයෙහිදී දුකෙහි ඉතා ගැඹුරු තැන්ද විවරණය වෙයි

”සංචිත්තෙන පංච උපාදනක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනාවෙහි දැක්වෙයි. “සංඛාර දුඞඛය” මනාව වටහා ගත හැකිවන්නේ ආර්ශ්‍රාවකයාට පමණි. සංසාර දුඞඛයෙහි ස්වභාව හතරක් ඇත. ඒ මොනවාද?

පිළිතුර:

දුකෙහි ඇති ඒ ස්වභාව හතර නම් මෙසේය

1. පීඩන ස්වභාවය

2. සිත, කය රිදවන ස්වභාවය

3.සංතාප ස්වභාවය නම් ගින්නකින් මෙන් නැවත නැවත දවන්නාවූ ගතියයි.

4.විපරිනාම ස්වභාවය නම් නැවත නැවත බිඳි බිඳී යන ගතියයි.

ප්‍රශ්නය:

බුදුන් වහන්සේගේ අදහස අනුව රටක ඕනෑම කෙනෙකු පාලකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබයි. එසේම කිසියම් තැනැත්තෙකු පාලක සුදුසුකම් සපුරා තිබිය යුත්තේ පාලන තන්ත්‍රය ලබාගැනීමට පෙර විය යුතුයි. රාජ්‍යපාලක හෙවත් පාලකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි පැහැදිලි කරන්න

පිළිතුර:

1. උභතො සුජාතො – හත්මුතු පරපුරෙන්ම සුජාත වූ උපතක් තිබීම

2. අඩ්ඩො මහද්ධනො – මහත් වූ ධනය ඇතිබව

3. බලවා බලකායො – බලවත් හමුදාවක් තිබිය යුතුයි.

4. පරිමතායකො පණ්ඩිතො විචක්ෂණ නැණවත් අනුසාසකයෙකු සිටිය යුතුයි

5. යසො – කීර්ති ඝෝෂාවක් පැවැතීම

ප්‍රශ්නය:

පරම විමුක්තිය කැමැති පුද්ගලයෙකු විසින් එකසේ වැඩිය යුතු ගුණධර්ම දෙකක් ධර්මයෙහි උගන්වනු ලබයි. ඒ ගුණධර්ම දෙක මොනවාද?

පිළිතුර:

නිර්වාණාවබෝධය (කරණීයං අත්ථකුසලෙන) සඳහා කැමැති පුද්ගලයා වැඩිය යුතු ගුණධර්ම දෙක කරුණාව හා ප්‍රඥාවයි. කරුණාව යන්නෙන් මෙහි සඳහන්වන්නේ හදවතට අයත් සංවේදී ගුණ හෙවත් භාවමය ගුණයයි. හඳුන්වනු ලබන දයාව – පරිත්‍යාගය, ඉවසීම ආදී උතුම් ගති ගුණයයි. ප්‍රඥාව යන්නෙන් සඳහන් වන්නේ බුද්ධිමය ගුණ සමූහයයි. බුද්ධිමය අංශය ගැන නොතකා භාවමය අංශය දියුණු කරනුයේ ගුණවත් මෝඩයෙකු බවට පත්වෙයි. එපරිද්දෙන්ම භාවමය අංශය ගැන නොතකා බුද්ධිමය අංශය පමණක් දියුණු කරනුයේ පරහිත කාමිත්වයෙන් ඈත් වූ ආත්මාර්ථකාමී කපටි පුද්ගයෙකු නිර්මාණය වෙයි.

ප්‍රශ්නය:

අකුසල අහිතකර වචනවලින් වැළකී සිටින්නෙකු (සත්‍යය)ඇත්ත කථාකරයි. ඔහුගේ මුවින් පිටවන්නේ සමාජ හිතකර, දයානුකම්පී ,යහපත්, හොඳ වචනයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන “හොඳ වචනය” යහපත් වචනයෙහි විශේෂිත අංග පැහැදිලි කරන්න

පිළිතුර:

1. මුසාවාදය – බොරුකීම

2. පිසුණා වාචා – පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය අසමගිය ඇතිවීමට හේතුවන කේළාම් කීම

3. ඵරුසා වාචා– සිත් රිදවන නපුරු රළු වචන කීම

4. සම්ඵප්පලාප – වැඩකඩ නැති හිස් බස් දෙඩීම යන මේවායින් වැළකීම

ප්‍රශ්නය:

බුදුබව ලැබූ පස්වන සතියෙහි අජපල් නුගරුක මුල වැඩහුන් උන්වහන්සේ මෙසේ සිතූහ. බුද්ධ චරිතයෙහි සුවිශේෂ වූ අවස්ථාවකි මෙය පැහැදිලි කරන්න

පිළිතුර:

ගැඹුරු වූ තමන් අවබෝධ කරගත් සත්‍යය ලෝකයාට කියාපෑම නිරර්ථක නොවේදැයි මොහොතක් පසුබට වූ සේක. ලෝකය පියුම් පොකුණක් වැනි බව මෙහිදී උන්වහන්සේට වැටහිණි. පියුම් පොකුණක සමහර පියුම් දියෙන් මතුනොවී පවතී. සමහර පියුම් දිය මට්ටම තෙක් වැඩී පවතී. තවද සමහර පියුම් දියෙන් උඩට මතුවී දියෙහි නොගැටී පවතී. එපරිද්දෙන්ම ලෝකයේ මිනිසුන්ගේ බුද්ධිමය තත්වය ද වෙනස්ය. ඔවුන් අතුරෙන් කෙනෙක් සත්‍යය වටහා ගැනීමට සමත් වෙති. ගැඹුරු නුවණැත්තන් විසින්ම අවබෝධ කොටගත හැකි මේ ධර්මය ඔවුන්ට දේශනා කළ යුතුය. යන අදහස උන්වහන්සේ ඉටා ගත්හ.