Print this Article


බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරස්ථ ස්වේජින් සීමාමාලකයේ දී පැවැත්වෙන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරස්ථ ස්වේජින් සීමාමාලකයේ දී පැවැත්වෙන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ විසිදෙකක් වූ පාර්ශව අතරෙන් ප්‍රධාන නිකාය පාර්ශවය අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායයි. වසර 160 ක් සපුරන අප නිකාය ලංකාව පුරා විහිදුණු වෙහෙර විහාරස්ථාන 463 කින්ද, භික්ෂූන් වහන්සේලා 5000 කින් පමණ ද සමන්විතය. එසේම ප්‍රාදේශීය සංඝ සභා දොළහක් යටතේ ‘සුධර්මා’ කාරක සංඝ සභාව මඟින් ගන්නා තීන්දු තීරණ අනුව පාලනය වේ.

‘සොධෙත්වා උපසම්පාදෙථ’ යනු බුද්ධ ආඥා හෙයින් එම නියමයන්ට අනුවත්, නිකායික කතිකාවතේ නියමයන්ට අනුවත් සෑම වර්ෂයකම උපසම්පදා විනය කර්මය මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව සිදු කරනු ලබයි. ඒ සියලු කටයුතු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන්

වහන්සේලා විසින් මනාව සංවිධානය කරනු ලබන අතර, නිකායේ ‘සුධර්මා’ කාරක සංඝ සභික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද මෙම උතුම් විනය කර්මය සාර්ථක කර ගැනීම සඳහා උත්සුක වෙති.

නිසි වයස් සම්පූර්ණව උගත මනා බණදහම් ප්‍රගුණ කොට වත් පිළිවෙත් පුරා උපසම්පදාවීමට සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන් වහන්සේලාට, තමන් වහන්සේලා ලබන මහාර්ඝ ශාසනික සාමාජිකත්වය දිවිහිමියෙන් සුරකිමින් ලෝසසුන් වැඩවඩන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.