Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වාද්දූව කොරොස්දුව වජ්‍රකොන් විහාරාධිපති ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් දරුවකු සසුන්ගත කිරීම ඉකුත් දා වජ්‍රකොන් විහාරස්ථානයේ දී සිදුවිය.
සසුන් ගත කෙරුණේ වාද්දූව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලද 13 හැවිරිදි යශේන් රන්දීප නමැති සිසුවාය.
සසුන් ගත කරන ලද්දේ රයිගම් හේවාගම් පස් යොදුන් මහ කෝරලයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමියන් විසිනි. සසුන් ගත කෙරුණ යශේන් රන්දීප සිසුවා මාවල ජිනානන්ද නමින් පැවිදි බවට පත්විය. උඩුගම විමලකිත්ති හිමියෝ සසුන් ගත කළ අයුරු.
(වාද්දූව සමූහ එස්.ආර්. පියදාස )

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති ඇමෙරිකාවේ ධර්මදූත සේවාවේ නිරතව සිටි ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමියන් අසරණ දරු පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමේ උතුම් ක්‍රියාවකට දායක විය. අපවත් වී වදාළ ආචාර්ය කණුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමියන්ට පින් පැමිණවීමේ අරමුණෙන් එම පින්කම සිදු කෙරිණි. එසේ නිවසක් තනා දුන්නේ තිස්සමහාරාම ඉක්කපල්ලම ප්‍රදේශයේ පවුලක් වෙනුවෙනි. නව නිවස පවරාදීමේ දී ගුණානන්ද හිමියන් සඟසතු දානමය පින්කමක් ද, ඉක්කපල්ලම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සියලු දෙනා වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද සිදු කළේ ය.