| 
							
					 | 
					
						
අසිරිමත් සිදුවීම්වලින් සපිරුණු
වෙසක් පුන් පොහොය
			
			 
						 
			 
			 
“බුද්ධ” යන හඬ තරම් දුර්ලභ වූත් මිහිරි වූත් සැප දායක වූත් වෙනත් හඬක් තුන් ලොවෙහිම 
නැත. ඒ බුද්ධ හෙවත් බුදුන් යනුවෙන් හඳුන්වන අති උතුම් මනුෂ්‍යරත්නය ලෝකයේ පහළ වූයේ 
වෙසක් පුන් පොහෝ දිනක වීම නිසා අද ලෝකවාසී හැට කෝටියකට අධික බෞද්ධ ජනතාව මහත් සේ 
පී‍්‍රතියට පත්ව තමන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා 
ක්‍රියා කරන බව පැහැදිලිය. 
අතීතයෙහි ලොව පහළවී වැඩ සිටි දීපංකර සම්බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය රඹගම් නම් පුරයට 
වැඩමවද්දී පඤ්චාභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා සිටි සුමේධ නම් තාපසයා මහ මඩෙහි බිම 
දිගා වී බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නය මගේ පිට මතින් වඩිත්වා යි අදිටන් කොට විසීය. 
මේ තවුසන් වෙත දිවැස් යොමු කළ දීපංකර බුදුහු මෙයින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් 
ගෙවෙත්ම ගෞතම නමින් තවුසා සම්බුදු පදවියට පත්වන බව දැන නියත විවරණ දුන්හ. අප ගෞතම 
බුදුරදුන්ට මේ උතුම් ප්‍රථම නියත විවරණය දෙන ලද්දේ වෙසක් පුනු පොහෝ දිනකය. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		
		  වෙසක් පුර පසළොස්වක පෝය 
		
		  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා 
		පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය 
		පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය.   
		 
		මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.  
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |