UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය :– ශ්‍රී ලංකාවේ විශාලතම ස්තූපය ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින්ද

පිළිතුර – ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම සුවිසල් දාගැබ ලෙස සැලකෙන ජේතවන ස්තූපය මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276-304) විසින් කරවන ලද්දකි. දැනට එහි උස අඩි 231 පමණ වුවත් මුල් යුගයෙහිදී අඩි 400 ක් වූ බව සඳහන් වෙයි. දාගැබ් මලුව අක්කර 07 බිමක් වසා සිටී.

ප්‍රශ්නය :- ලොව ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබෙන්නේ කුමන රටකද එම විහාරස්ථානය හැඳින්වෙන්නේ කුමන නාමයකින්ද

පිළිතුර :-ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරය

ප්‍රශ්නය :– දළදා වහන්සේ උදෙසා පොලොන්නරු රාජධානියෙහිදී නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ කුමන නාමයකින්ද

පිළිතුර :-හැටදාගෙය. මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් ඔහුගේ රාජකීය මන්දිරය මෙන් පැය හැටක් ඇතුළත නිමවන ලද බව සඳහන් වෙයි. එනිසා මෙම ගෘහය හැටදා ගෙය නමින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය :– මෙය බුදු සිරිතේ එක් අවස්ථාවකි.

මෙවන් පුතු ඇති යම්
මවුපිය දෙදෙන නිවියහ
බිරිඳ ද මෙවැනි හිමි සතු
නිවුනිය ඕ සැනසී
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසො පති

මේ අවස්ථාව කුමක්ද මෙම පී‍්‍රති වාක්‍ය පහළ කළේ කවුරුන්ද

පිළිතුර

‘ජනපද කල්‍යාණි” නම් රජ කුමරිය බෝසතාණන් අබිනික්මන් කොට මහමග වඩිනු දැක උඩුමහලේ බෝසතුනට පෙනෙන සේ සිට පළ කළ පී‍්‍රති වාක්‍යය නිබ්බුත පද නමින් බුදු සිරිත හා එක්ව පවතී.

ප්‍රශ්නය

උරුවෙලාවත් –ගයාවත් අතරමගදී බුදුරජාණන් වහන්සේ මුණගැසුන එක් තැනැත්තෙක් මෙසේ කියයි.

“ඇවත, ඔබ නිසල වූ ගුණ ඇති කෙනෙකි ස්ථිර වූ ගුණ ඇති කෙනෙකි. ගැඹුරු වූ ගුණ ඇති කෙනෙකි. තෙද ගුණ ඇති කෙනෙකි. සොමිගුණ ඇති කෙනෙකි. අමාපින් පිඬක් වැනි කෙනෙකි.

මහ පින්පිඬක් වැනි කෙනෙකි. ඇවත ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයෙහිද බුදුරදුන් හමුවූ මේ මගියා කවරෙක්ද

පිළිතුර

“උපක” ආජීවක මුණ ගැසිණ.

ප්‍රශ්නය

සත්වයා යනු රූපාරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර

රූපා අරූපා ධර්මයන්ගේ සංතතිය සත්වයා යයි සම්මතයට එක්ව ඇත. රූප ධර්මවලින් වර්ණරූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම) අපේ ඇසට නොපෙනේ. අරූප ධර්ම රූපයෙන් වෙන්වීම (වියෝවීම) අභාවය (මරණය) සිදුවේ. එවිට රූපයට ක්‍රියාකළ නොහැකිය. රූපයෙන් අරූප ධර්ම (නාම) වෙන්වී ඇති නිසාය. එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම (මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා) බව පැහැදිළිය. මෙසේ රූප – අරූප ධර්මයන්ගේ සංයෝගයක් (එක්වීමක් ) පැවැත්මත්, වෙන්වීමත් හැර සත්ව ශරීරයෙහි ආත්ම යැයි ගත යුතු කිසිවක් නැත. මරණයෙන් ඔබ්බට යන කිසිවක් සත්වයා තුළ නැත.

ප්‍රශ්නය

ඉපැරැණි රාජධානියක් තුළ ඒකීය ජන කොට්ඨාසයක් වශයෙන් මෙම රාජධානිය තුළ ජීවත්වූ ජනතාවගේ ජාතික හා ආගමික සමගිය සංකේතවත් කරන දැනට නටබුන් බවට පත් සිද්ධස්ථානයන් පිරි නගරයකි. මෙහි නාමය කුමක්ද එහි ඇති පූජනීය ස්මාරක මොනවාද

පිළිතුර

පුලස්ථිපුර හෙවත් පොළොන්නරු රාජධානියයි. පොළොන්නරුවෙහි සොයා ගනු ලැබූ පැරැණිම හින්දු ස්මාරකය අංක 02 ශිව දේවාලයයි. පැරණි නගරයෙන් බටහිර දිසාවෙන් දක්නට ලැබෙන දේවාල දෙක මහා ශිව සහ ශිවගේ පුත්‍ර “ගණේෂ්” දේවාලයයි.

ප්‍රශ්නය

බටහිර සිරිත් විරිත් සහ ඉංගී‍්‍රසි භාෂාව සම්භාවනාවට ලක්වූ යුගයක ඉපැරැණි ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට සමකාලීන ජාතික වීරවරයා කවුද

පිළිතුර:– වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

ප්‍රශ්නය

“කථෝපකථනය” මෑත බෞද්ධ පුනරුදය සඳහාද මෙම ග්‍රන්ථයක් වශයෙන් බෙහෙවින් ආධාරකයක් විය. මෙම කෘති කවුරුන් විසින් රචිත ග්‍රන්ථයක්ද

පිළිතුර

හෙන්රි ඕල්කට්තුමා විසින් පළ කරන ලද ප්‍රශ්න – උත්තර සහිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය 45 වතාවක් මුද්‍රණය කර විදේශීය භාෂා 18 කට පරිවර්තනය කොට ඇත.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]