මුනි සිරිපා වන්දනාවෙන්...
“මුනි සිරිපා වන්දනා 2016” ආගමික වැඩසටහන් රත්නපුර පොත්ගුල් හා පැල්මඩුල්ල රජමහා
විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ
ශ්‍රී ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී පාදස්ථානයේදී මැදින් පෝදා
පැවැත්විණි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 34 වන සංවත්සරයද නිමිත්තෙන් පැවැති එම පින්කම ශ්‍රී
පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු
ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රධාන ශ්‍රී
ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා සහ පැල්මඩුල්ල රාජ මහා
විහාර ආරක්ෂක සභාවේ සභාපති සුනිල් ශාන්ත වීරසේකර නිලමේතුමා ඇතුළු සැදැහැවතුන්ගේ
සහභාගීත්වයෙන් පැවැත්විණි.
![](z_p18-muni-Siripa-01.jpg) |
බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්
මැදින් පෝදා උදෑසන ශ්‍රීපාද උඩමළුවේදී ආගමික වතාවත් සිදුකළ
අවස්ථාව. |
![](z_p18-muni-Siripa-02.jpg) |
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින්
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වෙත අටපිරිකර පිළිගැන්වූ
අවස්ථාව. එහිදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති
නීතිඥ රවි ජයවර්ධන මහතා ද අටපිරිකර පිළිගැන්වූහ. |
![](z_p18-muni-Siripa-03.jpg) |
මාවරලේ භද්දිය හිමියන් උදෑසන ධර්ම
සාකච්ඡාව පැවැත්වූ අවස්ථාව |
![](z_p18-muni-Siripa-04.jpg) |
“මුනි සිරිපා වන්දනා
2016” විශේෂ ලිපි ඇතුළත් පිටු 52 කින් යුක්ත වූ මැදින් පුර
පසළොස්වක “බුදුසරණ” පුවත්පතේ පිටපතක් එහි කතුවරයා විසින්
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. |
|