Print this Article


පිහිට පතයි

පිහිට පතයි

“ඕ” රුධිර ගණයේ අවුරුදු 45-60 වයස් සීමාවේ නිරෝගී අයෙකුගේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා ඇත. වැඩි විස්තර දුරකතන 0721844996 අංකයෙන් දැනගත හැක.

****

නො. 70,ඕ කිරන්තිඩිය පාර, කුරුඳුවත්ත ,බේරුවල පදිංචි දේමුණි සෙනරත් (56) වෘත්තියෙන් රියදුරෙකි. වසර 2 ක පටන් පෙනීමේ අපහසුතාවයකින් පෙළෙන බව කියයි. එනිසා ඔහුට රැකියාවද කරගෙන යාමේ අපහසුවක් පවතී. වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඇසේ සුද මතුවී ඇති බව යැයි කියයි. ඇසේ සුද ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වැයවන බවත් එම මුදල සොයා ගැනීමට අපහසු බවත් කියයි. මූල්‍යමය උපකාරයක් කිරීමට කැමති පින්වතුන් වේ නම් ගිණුම් අංකය 8400004740 කොමර්ෂල් බැංකුවට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 0769222235 විමසිය හැක.

****

සමාජවාදී නිවහන් පෙදෙසේ කොරළවැල්ල, මොරටුව අංක 07 දරණ නිවසේ පදිංචි (32) යුරේෂ් සිරිමල් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් දුරකථන අංක 0779902804 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.