Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රාගම, වැලිසර, නුගගහවත්ත අංක 54/16 හි පදිංචි ගයාන් දිල්රුක්ෂි (38) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ඒ හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දුරකතන 0766740404 හෝ 0723498020 අංකයන්ගෙන් වැඩිදුර විස්තර දැනගත හැක.

****

හොරණ, අඟුරුවාතොට, කුඩායාලේ පදිංචි ඩබ්.එම්. හේමලතා (48) වකුගඩු ආබාධයකින් පෙළෙන බව දන්වා ඇත. ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා පවසන බව කියයි. ඒ සඳහා පරිත්‍යාග ශීලියෙකු වේනම් දුරකතන 0766716679 වැඩිදුර විස්තර දැනගත හැකිය. දිළිඳු ජීවන තත්ත්වයක පසුවන ඇයගේ වකුගඩු සැත්කම සාර්ථක කර ගැනීමට ආධාර කළ හැකි අයෙක් වෙතොත් (පුතු සචිත් බවත් කුලසේකර ගේ නමට අයත්) මහජන බැංකුව හොරණ ශාඛාවේ 041200123569856 ගිණුමට මුදල් බැර කළ හැකිය.

****

මැණික්දිවෙල පහළ රත්මීවල අංක 113/ඊ හි පදිංචි දිනිති දෙව්මිණි පේ‍්‍රමසිරි (05) දියණියගේ මොළයේ ගෙඩියක් නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට කඩිනම් සැත්කමක් කළයුතු බවට වෛද්‍ය හර්ෂ බරණගේ මහතා දන්වා ඇති බව කියයි. මේ සඳහා විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු දන්වා ඇති බවත්, ස්ථිර ආදායමක් නැති මාපියන්ට මේ විශාල මුදල සොයා ගැනීමට ඉතා අපහසු බවත් දන්වා ඇත. දියණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි පමණින් ආධාර කරන ලෙස පින් කැමැති අයගෙන් මාපියන් ඉල්ලා සිටියි. කඩුගන්නාව මහජන බැංකුවේ 159-2-001-9-0038312 ගිණුමටද පිළිමතලා සම්පත් බැංකුවේ 115054979900 ගිණුමටද මුදල් බැරකළ හැක. වැඩි විස්තර 071-4944960 දුරකතනයෙන් විමසිය හැක.