Print this Article


වසරකට පෙර සිදු වු ජනපති පදවි ප්‍රාප්තියෙන්...

වසරකට පෙර සිදු වු ජනපති පදවි ප්‍රාප්තියෙන්...
 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී...

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් වෙතින් ආශිර්වාද ලැබූ අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු පිරිසක් ද මෙහි වෙති.

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් වෙතින් ආශිර්වාද ලැබූ අවස්ථාව

මල්වතු මහා විහාරයේදී...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නා හිමියන් වෙතින් ආශිර්වාද ලද අවස්ථාව.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන් වෙතින් ආශිර්වාද ලබමින්...

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් වෙතින් ආශිර්වාද ලබමින්...

අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් වෙතින් ජනාධිපතිතුමන් ආශිර්වාද ලද අවස්ථාව.

බෙල්ලන්විල රාජ මහා විහාරයේදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන වෙතින් ආශිර්වාද ලබමින්...

කොළඹ හුණුපිටිය ගංඟාරාමයේදි ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් වෙතින් ආශිර්වාද ලබමින්...

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙතින් ආශිර්වාද ලබමින්..

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළ අවස්ථාව

මෙයට වසරකට පෙර කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාව