Print this Article


කොත්මලේ සුධර්මා සිල්මෑණියෝ 54 වන වතාවටත් ශ්‍රීපාද වන්දනාවේ

කොත්මලේ සුධර්මා සිල්මෑණියෝ 54 වන වතාවටත් ශ්‍රීපාද වන්දනාවේ

ශ්‍රී පාද වන්දනා සමය නිමිත්තෙන් වසරක් පාසා මහනුවර කටුකැලේ උපාසිකාරාමයේ කොත්මලේ සුධර්මා සිල්මෑණියන් සිදුකරන දෙදිනක ආගමික වැඩසටහන මෙවරද පනස්හතරවෙනි වතාවටත් ශ්‍රී පාද පත්මයේ දී සිදුකෙරේ.

දෙසැම්බර් 23 වෙනිදා මහනුවරින් ශ්‍රීපාද ගමන ආරම්භ කරන සිල් මෑණියන් ප්‍රධාන දායක දායිකා පිරිස එදින රාත්‍රියේ ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ආරම්භ කරති. උඳුවප් පෝදා හීල්දානය, බුද්ධ පූජාව, දවල් දානය, බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිරිනමති. උදේ සීල සමාදානයට සහභාගි වන උවැසි උවැසියනට දවල් ආහාර පිරිනැමේ. රාත්‍රී පිරිත් දේශනය හා 25 උදේ සම්බුද්ධ පූජාව පවත්වනු ඇත. ශ්‍රී පාද පූජාවට සහභාගි වන සැදැහැවතුන් 23 වෙනිදා උදේ කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමයෙන් පිටත්වනු ඇත.