Print this Article


මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමි උපහාර උළෙලක්

මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමි උපහාර උළෙලක්

මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට වසර සියයක් පිරීම මුල්කරගෙන උන්වහන්සේ විසින් සිදුකරන ලද බෞද්ධ සාමාජීය ශාසනික සේවාවන් අගය කරමින් උපහාර පිදීමේ උත්සවයක් මේ මස 20 වෙනි දින සවස 3.00 ට මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති මූලස්ථානයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහනුවර සියලුම බෞද්ධ සමාගම් සහ ආයතන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන එම උත්සවයට මල්වතු අස්ගිරි මහා විහාරයන් ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයත්, ප්‍රධාන බෞද්ධ සමිති ප්‍රධානීන්, මැති ඇමැතිවරු රැසක් ද සහභාගිවීමට නියමිතය.

එදින මල්වතු මහා විහාරයේ සිට විශේෂ රථ පෙරහරකින් වැඩමවාගෙන එනු ලබන අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් ශ්‍රී පුෂ්පදාන සමිතිය අභියසදී, ශ්‍රී පුෂ්පදාන සමිතිය ප්‍රධාන බෞද්ධ සමිතිවල නියෝජිතයින් විසින් පිළිගන්නවා ඇත. උත්සවයේ දී නාහිමිපාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උපහාර ශුභ ප්‍රාර්ථනා ඇතුළත් සන්නස් පත්‍රයක් ද පිළිගැන්වීමට නියමිතය.