UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසැල් පුවත්

දහම් පාසැල් පුවත්


පැදින්නෝරුව ශ්‍රී බුද්ධදත්ත දහම් පාසල

සිසු නිපුණතා තරග පෙළේදී විශිෂ්ඨ සම්මාන ලත් සිසුවකු නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමිය අතින් තමන්ට හිමි සහතිකය ලබා ගන්නා අයුරු.

ආචාර්ය මණ්ඩලය සමග සිසු නිපුණතා සහතික පත් දිනාගත් සිසු සිසුවියන්

ජාතික ගීය ගායනා කරන දරු දැරියන් පිරිසක්

ගාල්ල අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල ප්‍රදේශයට අයත් පැදින්නෝරුව ශ්‍රී බුද්ධදත්ත දහම් පාසල ප්‍රදේශයේ දරු දැරියන් රැසකට දහම් අධ්‍යාපනය ලබා දෙන රටට වැඩදායී පුරවැසියන් රැසක් බිහිකළ අධ්‍යාපනික ආයතනයකි.

මෙම දහම් පාසල 1987වසරේ ජනවාරි මස 05 වන දින කම්බුත්සාවල බුද්ධදත්ත හිමියන්ගේ ප්‍රධානාචාර්ය ධූරය යටතේ පැදින්නෝරුව පුරාණ විහාරස්ථ දහම් පාසල නමින් ආරම්භ කරන ලදි. අනතුරුව 1996,1997 වසරේ පොල්ගස්වත්තේ පරමානන්ද හිමියන් ප්‍රධානාචාර්ය ධූරයට පත් වූ අතර 2000,2001 වසරේ ශාස්ත්‍රපති කැටියපේ ඉන්ද සුමන හිමියන් ප්‍රධානාචාර්ය ධූරයට පත් වූ සේක.

1987වසරේ සිට 2002 වසර දක්වා පැදින්නෝරුව පුරාණ විහාරස්ථ දහම් පාසල ලෙස නම් කරනු ලැබූ මෙම දහම් පාසල 2002 වසරේ සිට පැදින්නෝරුව ශ්‍රී බුද්ධදත්ත දහම් පාසල ලෙස නම් කරන ලදී. 1990 වසරේ සිට 2007වසර දක්වා දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ධූරය දැරූ පාඨශාලාචාර්ය වසන්ත අබේගුණවර්ධන මහතා 2007 වසරේ සිට මේ දක්වා බුද්ධදත්ත දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවයි. වර්තමානයේ මෙම දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 325 ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විතය .

ශාසනාරක්ෂක මණ්ඩල තරගවලදී මෙන්ම සමස්ත ලංකා සිසු නිපුණතා තරග වලදී විශිෂ්ඨ දස්කම් දක්වන මෙම දහම් පාසලේ සිසු දරුවෝ බාහිර ක්‍රියාකාරකම් වලදී ද උසස් නිපුණතා ප්‍රදර්ශනය කරති. දහම් පාසලේ අඩුපාඩුකම් රැසක් තිබුණ ද ආචාර්ය මණ්ඩලයේ කැපවීම සහ සහයෝගය මත එම අඩුපාඩු හැකි අයුරින් සකසා ගනිමින් දහම් පාසල අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ මෙන්ම දහම් පාසලේ සිසු දරු දැරියන්ගේ ගෞරවය සහ ප්‍රශංසාව ආචාර්ය මණ්ඩලය වෙත හිමි වී ඇත.


තැඹිලිපොල ශ්‍රී ගුණසාර දහම් පාසලේ සුමේධා සමස්ත ලංකා තරගයට

බමුණාකොටුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් තැඹිලිපොල ශ්‍රී ගුණසාර ධර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන බී. එම් සුමේධා දිල්ෂාණි බස්නායක සිසුවිය මෙවර පැවැති දහම් පාසල් සිසු නිපුණතා හත ශ්‍රේණියේ ගද්‍ය රචනා තරගයෙන් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා තරගය සඳහා සුදුසුකම් ලැබ සිටී . ඇය පද්‍ය ගායනා තරග රැසකදී ප්‍රථම, දෙවන හා තෙවන තරගවලදී කියවීම් ආදී විවිධ අංශයන් නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ඉගෙනීමෙහි දක්ෂ ශිෂ්‍යාවකි.

 

 

 


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් ජය ලද්දෝ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුජ්ජොමුව ශ්‍රී බෝධිමළු විහාරස්ථ සිරි සුගත් ධර්ම විද්‍යාලයේ 2014 වසර දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් පහත සඳහන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශිෂ්ඨ හා සම්මාන සාමාර්ථයන්ගෙන් සමත් වී ඇත.

කේ.ඒ සනුජි දිලංකා කස්තුරි ආරච්චි, ආර්, කෝසිලා රසාංජලී, එච්. කේ. විදර්ශන ප්‍රදීප් මැන්ඩිස්, ජේ.කේ සත්සරා ජයසිංහ,එච්.කේ අක්ෂරා ප්‍රතාපා මැන්ඩිස්, කේ. හෂාන් ලක්මාල් වීරසිංහ, කේ. ලහිරු ප්‍රමෝදා වීරසිංහ, ජේ.ඒ, රුමේෂි තරුෂික , එච් අනුරාධා මධුශානි වික්‍රමසූරිය, ඩබ්ලිව්.ඩී කාවින්ද්‍යා ජයශානි, එම් . ඒ කසුන් චතුරංග, ටී.ඒ දර්ශන මධුරංග , ආර් ශසිකා ජීවනී , අයි. ඩී දරුශිකා ගුණවර්ධන එම සිසු සිසුවියන් වේ.


පන්නල හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ ලක්ෂිතට සිසු නිපුණතා තරග ජය

පන්නල හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ 5ශ්‍රේණියේ සිසු දරුවකු වන කේ. ඇම්. ලක්ෂිත මධුෂාන් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සිසු නිපුණතා තරගවලින් නොකඩවා ජයග්‍රහණ හිමි කරගෙන ඇති අතර දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක ුලෙසද සිය දක්ෂතා මැනවින් පිළිබිඹු කර ඇත. සිය සහජ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ආගමික කටයුතු වලදී ද තෙරුවන කෙරෙහි මහත් ශ්‍රද්ධාවකින් වතාවත් කෙරෙන එම ශිෂ්‍යයා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්ව ප්‍රදේශයට ඉමහත් ගෞරවයක් ලබා දී ඇත.


 


අනගාරික ධර්මපාලතුමාගේ 151 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් රාජගිරිය, කළපළුවාව මිහිදු දහම් පාසලේ විහාරාධිපති උනින්දුවෙල සුමනසාර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සැප්තැම්බර් 20 වනදා පැවැති උළෙලෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ දෙමටගොඩ වේළුවනාරාම විහාරවාසි ඉදුරුහේනේ ධම්ම විලාස හිමියන් විසිනි.

 

 

 

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]