Print this Article


ඉහළකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරයේ මව්පිය උපහාර වැඩසටහන

ඉහළකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරයේ මව්පිය උපහාර වැඩසටහන

යහපත් සමාජයක් ගොඩ නැඟීම උදෙසා මැදකීඹිය සමාධි වැඩිහිටි සමිතිය සංවිධානය කළ අනගිතම වැඩසටහනක් පසුගියදා ඉහළකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරයේදී සිදුකරන ලදී.

ක්ෂේත්‍රාරාම විහාරාධිපති වලහන්දුවේ මහින්ද හිමියන්ගෙ ්අනුශාසකත්වයෙන් එම වැඩසටහන මාතර කෝට්ටගොඩ බෙලිවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසේන හිමියන් විසින් දීප ව්‍යාප්තව පවත්වන මාපිය වන්දනා උපහාර හා භාවනාමය ධර්ම දේශනාව පසුගිය 15වන දින මැදකීඹිය ශී‍්‍ර ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථ සිරි විපුලතිස්ස දහම් පාසලේදී දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් උදෙසා සිදු කළහ.

එසේ යහපත් සමාජයක් ගොඩනැඟීම අරමුණුකරගෙන උන්වහන්සේ දේශනා කළේ දෙමාපියන් දරුවන්ට කළ යුතු යුතුකම් හා දරුවන් දෙමාපියන් සඳහා කළයුතු උපහාර පුද සත්කාර පිළිබඳව විස්තර කිරීමේදී ආදරය කරුණාව මූලික කරගත යුතු බවය. දේශනයට සවන් දුන් දෙමාපියන් හා දරුවන් හැඟීම්බරව කඳුළුපිරි දෙනෙතින් පසුවන අයුරු දක්නට ලැබිණි.


මව්පිය වන්දනාව වැඩසටහනට සහභාගි වූ මව්පියන් සහ දරු දැරියන් පිරිසක්

මිනිස් ලොවට ජනිත කරවූ දෙමාපියන්ට උපතේ සිට මරණය දක්වා කළයුතු යුතුකම් පිළිවෙත් දැනුවත් කරමින් දරුවන් තාක්ෂණික දේ පරිහරණය කර ඉදිරියට ගියත්, ඔවුන්ට නොගැළපෙන දේ පරිහරණයට ඉඩ දීමේදී චරිත ඝාතන මෙන්ම අකාලයේ ජීවිත විනාශකර ගැනීම සිදුවිය හැකියි. පරිගණකය, ජංගම දුරකථන භාවිතය, අමතර පන්තියාමේදී දරුවන් තනිව යැවීම නොගැළපෙන ක්‍රියාවක්. නරක මිතුරන් ඇසුර, දරුවන්ගේ අතට මුදල් දීමත් පවිටු ඇසුර වැළකීමත් සිදුවිය යුතුයි.

විශේෂයෙන් පියවරුන් මත්පැන් දුම්වැටි වලින් ඈත්විය යුතුයි. දියණියන්ගේ ආරක්ෂාවට වගකීමෙන් කටයුතු කරන්න. දරුවන්ට නිතර ආදරය කරන්න. බාල වැඩසටහන්නැරඹීම අධ්‍යාපනයට බාධාගෙන දෙන්නක් බවත් දරුවකුට දියයුතු හොඳම දෙය අධ්‍යාපනය බව ද දරුවන් යහපත් පුරවැසියන් වීමට හොඳම ආයතනය දහම් පාසල බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියේය.