Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පානදුර, අරුග්ගොඩ පදිංචි ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කරන නිශාන්ත දමිත් පෙරේරා බොරළුගොඩ මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැව් දන්වා ඇත. ඔහුට හැකි ඉක්මණින් අක්මාවකින් කොටසක් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජානක ඩී. සිල්වා, ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිවර්ධන විශේෂඥ වෛද්‍ය මදුනිල් නිරිඇල්ල යන මහත්වරුන් නිර්දේශ කර ඇති බවද කියයි. එය ඉන්දියාවේ චෙන්නායි ග්ලෝබල් රෝහලේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර “බී හෝ ඕ” වර්ගයට අයත් අක්මාවක කොටසක් බද්ධ කිරීමට සිදුව ඇත. එම වර්ගයේ අක්මාවක කොටසක් හෝ මුදලින් ආධාර කළ හැකි පරිත්‍යාගශීලියෙකු ඇත්නම් දුරකථන අංක 071 2318111 හෝ 077 8691960 ඔස්සේ දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි. ලබාදෙන මුදල් ආධාර සම්පත් බැංකුව, පානදුර ශාඛාව (1026 547 866 17) හෝ ලංකා බැංකුව, ලේක්හවුස් ශාඛාව 431 9653 යන ගිණුම් අංකයන්ට බැරකළ හැක.


කළුතර, දොඩන්ගොඩ, පිළමිනාවත්ත, ශාන්ත පිළමිනාවත්ත අංක 310 හි පදිංචි ජී.කේ. රාජපක්ෂ (අවු. 28) එක්දරු පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා සිටියි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 072 6766700 හෝ 072 8595 575 ට දන්වන ලෙස ද ඉල්ලීමක් කරයි.