Print this Article


විද්‍යාවාස පිරිවෙනේ කඨින පින්කම සහ ගුණ සමරු පින්කම

විද්‍යාවාස පිරිවෙනේ කඨින පින්කම සහ ගුණ සමරු පින්කම

මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 130 වන වරට සිදු කරන කඨින මහ පින්කම සහ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි පරිවේණාධිපති ධුරය හොබවා අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤාණේශ්වර නා හිමි, ත්‍රිපිටකාචාර්ය පිදුමේ රතන නා හිමි, ත්‍රිපිටකාචාර්ය නුගදෙණියේ ධම්මානන්ද නා හිමි, ත්‍රිපිටකවේදී මකුලෑවේ විජය හිමිවරුන්ගේ ගුණානුස්මරණ පින්කම මේ මස 24 සිට 28 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව දිනපතා මල් පහන් ගිලන්පස බෝධි පූජා සහ රාත්‍රී 7.30 ධර්ම දේශනාවද පැවැත්වේ. ඔක්තෝබර් 24 වැනි දා තල්ගමුවේ සුධීරානන්ද හිමි, 25 වැනිදා අක්මීමන ධම්මපාල නාහිමි, 26 වැනිදා උඩුදුම්බර කාශ්‍යප හිමි දම් දෙසුම් පවත්වති. කඨින පින්කම 28 වැනිදා පැවැත්වෙන අතර එදින දවල් සංඝගත දක්ෂිණාවෙන් පින්කම නිමාවේ.