Print this Article


තෙල්වත්ත දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල

තෙල්වත්ත දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල

බුදුසරණ 2015. 10. 04 වන දා 13 වන පිටුවේ තෙල්වත්ත දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල පිළිබඳව පළවූ පුවත ගැන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනුවර මල්වතු මහා විහාරීය විශේෂ කර්මාචාර්ය ධුරන්දර තෙල්වත්ත දළුවතුමුල්ල බෝධිමලු විහාරය හික්කඩුව පතන, ශ්‍රී ධර්මාශ්‍රම විහාරය යන විහාරද්වයාධිපති වේරගොඩ ධර්මකීර්ති ශ්‍රී කස්සප නාහිමියන් විසින් අප වෙත යොමු කර ඇති ලිපියෙහි මෙසේ ප්‍රකාශ කරනු ලැබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෙල්වත්ත දළුවතුමුල්ල බෝධිමළු විහාරස්ථ ශ්‍රී සරණංකර දහම් පාසල 2004. 11.14 වන දින තෙල්වත්ත දළුවතුමුල්ල බෝධිමලු විහාරය හික්කඩුව පතන ශ්‍රී ධර්මාරාම විහාරය යන විහාරද්වයාධිපති මහනුවර මල්වතු මහා විහාරීය විශේෂ කර්මාචාර්ය ධුරන්ධර වේරගොඩ ධර්මකීර්ති ශ්‍රී කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන මා විසින් ආරම්භ කරන ලදී. 2004. 12. 26 දින සුනාමි විපතින් පසු ධර්මශාලා මන්දිරය ඉදිකිරීමෙන් අනතුරුව ශ්‍රී සරණංකර දහම් පාසල යලිඳු ආරම්භ කරන ලදී. ප්‍රධානාචාර්ය ධූරය 2015. 10. 04 වන දින දක්වා ඉදිරියටත් මා විසින් දරණ බවත් උප ප්‍රධානාචාර්ය ධූරය ගිහියන්හට මා විසින් පත්කොට නොමැති බවත් කිසිඳු දේශපාලන මන්ත්‍රී ප්‍රතිපාදන මෙතෙක් කලක් විහාරයේ අභිවෘද්ධියට ලබා දී නොමැති බවත් සඳහන් කරනු ලැබේ.

දළුවතුමුල්ල ශ්‍රී සරණංකර දහම් පාසල පිළිබඳ 04 වනදා පළවූ පුවතින් මල්වතු මහා විහාරපාර්ශවයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මල්වතු මහා විහාරීය ගරුතර කාරක සංඝ සභාවටත් වේරගොඩ කස්සප නා හිමියන්ටත් යම් අපහසුතාවයක් සිදු වූයේ නම් කනගාටුව පළ කරමු.