Print this Article


සීදුවේ සුමනවංස නා හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

සීදුවේ සුමනවංස නා හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාවක් මේ මස 5 සහ 6 යන දිනයන්හි මහනුවරදී පැවැත්වුණි. 5 වෙනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ලක්වැසි සැමට ආශිර්වාද කිරීම සඳහා විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාව මහනුවර නාථදේවාල විහාරස්ථානයේ දී පැවැත්වුණි. ආශිර්වාද පූජා පින්කම පිලිකුත්තුව රාජමහ විහාරාධිපති යක්කඩුවේ රාහුල නාහිමියන් විසින් මෙහෙයවීය.

ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව 32 වෙනි වරටත් සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංස නාහිමියන් විසින් 32 වෙනි වරටත් පැවැත්විය. උන්වහන්සේගේ ජන්ම දිනයද මේ මස 06 වෙනි දිනට යෙදී තිබිණි.