Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පී.එන්. ප්‍රමුදිත දිල්ෂාන් ශිෂ්‍යයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් දුරකථන 075 2132383 හෝ 072 837 3265 දැනුම් දිය හැක.


 


කොටහේනේ පදිංචි ඇම්.පිරිස් මිය (56) වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඇයට “ඒ හෝ ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ලංකා රෝහලේ වෛද්‍ය සුජිත් සෝමසිංහ මහතා නිර්දේශ කර ඇත. දෙදරු මවක් වන ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් දුරකථන අංක 0777 571131 හෝ 072 4600383 වැඩි විස්තර දැන ගත හැක.


හෘද සැත්කමට ආධාර

වැලිකන්න, සිංහපුර, පැරකුම්යාය, අංක 458 වී.පී. ජයමාන්න අප්පෝ (70) නමැති අයට හෘද සැත්කමක් කළ යුතු බව වෛද්‍ය-වරු නිර්දේශ කොට ඇතැයි දන්වා ඇත. ස්ථිර රැකියාවක් නොමැති ඔහුට දරුවන් දෙදෙනෙකුද සිටින බව සඳහන් කර ඇත. එහෙයින් ශෛල්‍යකර්මය සඳහා ඔබගේ ආධාර බලාපොරොත්තුවන අතර වැලිකන්ද මහජන බැංකුවේ ගිණුම් අංක 254200170081836 ගිණුමට මුදල් බැරකළ හැක. වැඩි විස්තර දුරකතන 0275610725 විමසිය හැක.