Print this Article


බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - ආදර්ශ ප්‍රශ්නෝත්තර

1 අභ්‍යාසය

1) “අනුස්සති” යන්නෙන් ප්‍රකාශිත ධර්මාර්ථය නම් කුමක්ද?

2) අනුස්සති සංඛ්‍යාව දක්වන්න.

3) එම අනුස්සති නම් කරන්න

4) සතර සම්‍යක් ප්‍රධාන ධර්ම නම් කරන්න

5) නිරවාණාවබෝධය සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගය හඳුන්වා දෙන්න

6) ඇත්ත ඇති සැටියෙන් දැකීම (යථාභුත ඤාණ දස්සනං) සඳහා පාදක වන සිද්ධාන්තයේ නම හා ඊට අයත් ප්‍රභේද නම් කරන්න

7) ලෝකය යන පදය බුදුදහමෙහි විග්‍රහ කර ඇත්තේ කවරාකාරයෙන්ද?

8) ‘සංස්කාරවල ස්වභාවය වෙනස්වීමයි’ එම ස්වභාවය හඳුන්වා දෙන්න

9) ‘බුදුසමය දෘෂ්ටි කෝණ තුනකින් සත්ත්වයා පිළිබඳ ව යථාර්ථය ඉදිරිපත් කරයි.” එම දෘෂ්ටි කෝණ නම් කරන්න.

10) එම දෘෂ්ටි කෝණ කෙටියෙන් හඳුන්වන්න.

11) සංයුක්ත නිකායේ නිදාන සංයුත්තයේදී හේතුඵලවාදී ඉගැන්වීම් මූලික වශයෙන් හතරකට බෙදා දක්වා ඇත. ඒ හතර නම් කරන්න.

12) හේතුව හා ඵලය අතර සම්බන්ධයන් නැතැයි ඉගැන්වෙන වාදයේ නම ලියා, ඊට අයත් පස්වැදෑරුම් වාදයන් දක්වන්න.

13) පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කිරීමේ මූලික අරමුණු දෙක දක්වන්න .

14) කුසලාකුසල විනිශ්චය කිරීමේ නිර්ණායක තුනක් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දක්වා ඇත. ඒ තුන නම් කරන්න.

15) බෝධි අංග හතර නම් කරන්න

අභ්‍යාසය

පිළිතුරු

1) නැවත නැවත උපදින සිහිය හෙවත් සතිය, අනුස්සති නම් වේ.

2) අනුස්සති 10 ක් වේ

3) බුද්ධානුස්සති – බුදුගුණ අරමුණු කරගෙන සිතේ ඇතිවන සතිය
ධම්මානුස්සති – ධර්මය අරමුණු කරගෙන සිතේ ඇතිවන සතිය
සංඝානුස්සති – සඟගුණ අරමුණු කරගෙන සිතේ ඇතිවන සතිය
සීලානුස්සති – තමාගේ සීලය අරමුණු කරගෙන සිතේ ඇතිවන සතිය
චාගානුස්සති – ත්‍යාග ගුණය අරමුණු කරගෙන සිතේ ඇති වන සතිය
දේවතානුස්සති – දෙවියන් අරමුණු කරගෙන උපදනා සතිය
ආනාපානසති – හුස්ම ඉහළ පහළ ගැනීම අරමුණු කරගෙන උපදනා සතිය
මරණානුස්සති – මරණය අරමුණු කරගෙන උපදනා සතිය
කායගතාසතිය – ශරීරය අරමුණු කරගෙන උපදනා සතිය
උපසමානුස්සති – කෙලෙස් සංසිඳෙන නිවන අරමුණු කරගෙන උපදනා සතිය

4) නූපන් අකුසල් නූපදවා ගැනීමට ගන්නා උත්සාහය
උපන් අකුසල් ප්‍රහාණය පිණිස ගන්නා උත්සාහය
උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ගන්නා උත්සාහය
නූපන් කුසල් උපදවා ගැනීම පිණිස ගන්නා උත්සාහය

5 ) නිර්වාණාබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය ඒකායන මග්ග, විසුද්ධි මග්ග, මජ්ක්‍ධිමා පටිපදා, බෝධි, සම්බෝධි ආදී වශයෙන් හඳුන්වා ඇත. නිර්වාණගාමි මාර්ගයේ දී ප්‍රගුණ කළ යුතු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවට සම්මා දිට්ඨි ආදී අංග ඇතුළත් කර ඇත. නිවන් ලබනු කැමැති අය විසින් සීලයේ පිහිටා සීල විසුද්ධියෙන් පිරිසුදු විය යුතුය. දෙවනුව සමාධිය ඔස්සේ සිත දියුණු කර චිත්ත විසුද්ධියට පත්විය යුතුය. තෙවනුව ප්‍රඥාව දියුණු කර ගනිමින් අනෙක් විසුද්ධි ධර්මවලට යා යුතු වෙයි.

6) ත්‍රි ලක්ෂණයයි
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

7) බිඳෙන සුළු ස්වභාවයක් ඇති ධර්ම “ලෝක” නම් වේ. ඇස, රූපය, චක්ඛු, විඤ්ඤාණය ද නැසේ. චක්ඛු සම්ඵස්ස ද නැසේ. ඉන් උපදින සැප, දුක් වේදනා ආදී වින්දනයන්ද නැසේ. මෙය ලෝක නම් වේ .අනෙකුත් ඉඳුරන් හා අරමුණුද මෙසේ ගත යුතුය. එමෙන්ම කැඩෙන, බිඳෙන, පළුදුවන, ස්වභාවය ලක්ෂණ කොට ඇති නිසාම ලෝකය යයි ව්‍යවහාර කෙරේ.

8) හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ එක්වීම නිසා හටගෙන ඇති පණ ඇති , පණ නැති සියල්ල සංඛත හෙවත් සංස්කාර නම් වේ. මෙම සංස්කාර අනිත්‍යතාවයයි වෙනස්වීමයි. “සබ්බේ සංඛාරා අනිච්චා’ “අනිච්චාවත සංඛාරා” ආදි දේශනා පාඨ මගින් එය පැහැදිලි වේ. ලෝකය සත්ත්වයා පුද්ගලයා ආදි කවර නමකින් හැඳින්වුවද ඒ සියල්ල හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ සමවායෙන් හටගත් ඒවා වේ. ඒ සියල්ල අනිත්‍ය ස්වභාවයට පත් වේ.

9) ඛන්ද, ධාතු ආයතන නම් වේ.

10) ඛන්ධ – පුද්ගලයා, සත්ත්වයා, බුදු දහම ගොඩවල් (ඛන්ධ) පහකට බෙදා දක්වා ඇත. එනම් රුප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ මේ පහ එකතුකොට එයට පංචස්කන්ධයයි කියයි.
ධාතු – ධාතු යනු සත්ත්වයෙකු, පුද්ගලයෙකු නොවන දෙයයි. එබඳු ධාතු කොටස් 18 ට බෙදයි. තවද ආයතන වශයෙන් බෙදාලන ධර්ම සමූහයට ධාතු වශයෙන් දක්වයි.
ආයතන –ඇස ආදී දොරටු සයත්, රූපාදී අරමුණු 6 ත් නම යෙදී ඇත. සසර දිගින් දිගට ගමන් කරවන නිසාත් චක්ඛු ආද දොළොසට ආයතන යන නම ව්‍යවහාර කෙරේ.

11) සයං කතං දුක්ඛං – සයංකත වාදය
පරං කතං දුක්ඛං – පරංකත වාදය
සයං කතං පරං කතං දුක්ඛං– සයංකත පරංකත වාදය
අසං යං කාරං අපරං කාරං – අසයංකාර අපරංකාර වාදය

12) පරංකත වාදය, කාල වාදය, ඊශ්වර වාදය . ස්වභාව වාදය ,කර්ම වාදය නියති වාදය

13) සන්තානගත හා සමාජගත. දුක ඇතිවන ආකාරය විවරණය කිරීම

14) තමාගේ,අනුන්ගේ උභය පක්ෂයේ

15) සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනුයි.