Print this Article


හබරාදූව දහම් දැනුම මිනුම තරගයෙන් උණවටුන ශ්‍රී බෝධිරාජයට විශිෂ්ට ජය

හබරාදූව දහම් දැනුම මිනුම තරගයෙන් උණවටුන ශ්‍රී බෝධිරාජයට විශිෂ්ට ජය

හබරාදූව ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර පවත්වන ලද දහම් දැනුම මිනුම තරගයෙන් උණවටුන ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ එම්.බී.කේ. කවීශ් ප්‍රබෝද් ශිෂ්‍යයා සහ තත්සරණි පෙරේරා ශිෂ්‍යාව පිළිවෙළින් ප්‍රථම සහ දෙවන ස්ථාන දිනාගත් අතර හරුමල්ගොඩ ශ්‍රී ආරියවංශ දහම් පාසලේ සිත්මී සමිද්ධිකා ශිෂ්‍යාව තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මීට අමතරව (4) වැලිවත්ත ශ්‍රී ප්‍රඤාලෝක දහම් පාසලේ කාංචනා සෙව්වන්දි (5) හීනටිගල ධම්මතිලක දහම් පාසලේ යූ.ඒ. දිලන්ත (6) දුව මලලගම ශ්‍රී ධම්මවිශුද්ධි දහම් පාසලේ රසිනි නිලංගා (7) එළිකැටිය ශ්‍රී ධීරානන්ද දහම් පාසලේ නදුනි නිශාදනි (8) හරුමල්ගොඩ ශ්‍රී ආරියවංශ දහම් පාසලේ නිමල්ෂා සෙව්වන්දි ( 9 ) දලවැල්ල ශ්‍රී සුමන දහම් පාසලේ චානුක දිල්ෂාන් සහ (10) දුව මලලගම ශ්‍රී ධම්මසිද්ධි දහම් පාසලේ තිලිණ දෙව්ෂාන් යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිළිවෙළින් සිව්වන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා හිමිකර ගැනීමට සමත් වූහ.