Print this Article


පාලිමුත්තක විනය විනිච්ඡය සංග්‍රහය ග්‍රන්ථය එළිදැක්වේ

පාලිමුත්තක විනය විනිච්ඡය සංග්‍රහය ග්‍රන්ථය එළිදැක්වේ

මඬිහේ සුගතසිරි හිමියන් විසින් සංස්කරණය කොට පරිවර්තනය කෙරන ලද පාලිමුත්තකවිනියවිඡය සංග්‍රහය කෘතිය එළැඹෙන 20 වැනි ඉරිදා සවස 3.00 ට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී එළිදැක්වේ.

මෙදින උත්සවයේ මුලාසනය ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියෝ හොබවති.

ස්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පර්ශ්වයෙහි අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමි ආරාධිත පැවිදි දේශනයන්ද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධයනාංශයේ පාලි බෞද්ධ අධ්‍යයන ඒකකයේ මහාචාර්ය අසංග තිලකරක්න යන මහත්වරුන් ආරාධිත ගිහි දේශනයන් පවත්වති.