Print this Article


අනුත්තරෝ පුරිස දම්ම සාරථි බුදු ගුණය - 22 බුදු ගුණ භාවනාව

 අනුත්තරෝ පුරිස දම්ම සාරථි බුදු ගුණය - 22 බුදු ගුණ භාවනාව

ඒ භාවනා පූර්වකෘත්තියයි

සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපච්චවෙක්ඛ තග්ගි අපාය දැන වදාළ බැවින්. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නුවණින් තොරව පුණ්‍ය පරිහරණය කළ අය උපදී)

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පත්තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාර භූමි හා අවට හිස්වැසුම් , පාවහන්, රථවාහන වලින් ගමන්ගත් අය උපදී)

3.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලාභු උපක්‍රම අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතර අගතියෙන් ධනය උපයා ජීවත් වූ අය උපදී)

4.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කිලේ සග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බුද්ධ ශාසනයේ පැවිදි වී ප්‍රතිපත්ති නැතිව වාසය කළ අය උපදී)

5.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රීය අගුත්ත ද්වාර අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තමන්ගේ දේපළවලට සිත් අලවා සිටි අය උපදී)

6.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුසග්ගි අපාය දැන වදාළ බැවින් ,විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආගමානුකූලව ජීවත් නොවු අය උපදී)

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුනක අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(අක්‍රෝස පරිභව කළ,මසුරු අය උපදී)

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාල හත්ති අපාය දැන වදාළ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අපමණ පව් කළ අය උපදී)

9.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහායන්ත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තිදොරින් පව්කළ අය උපදී)

10. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සජෝති අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් ගුණවත් අයට නිග්‍රහ කළ අය උපදී.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්සවක තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බොරුවෙන් වංචා කළ අය උපදී)

12. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අයෝගුල අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සැඟවී සිට පහර දී නිග්‍රහ කළ අය උපදී)

13.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීත නදී අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඊර්ෂ්‍යාවෙන් වාසය කළ අය උපදී.)

14.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අංගාර පබ්බත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නාපූජග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කූටකාරි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කූට වෙළඳාම් කළ අය උපදී)

17.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ 136 ක් වූ අපාය දැන වදාළ බැවන්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ 16 ක් වු පේ‍්‍රත අපාය දැන වදාළ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ නිජ්ජාවම තන්හික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින් ,විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කුප්පිපාසික පේ‍්‍රත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මතු සම්බන්ධයි


බුදු ගුණ භාවනාව - විජ්ජාචරණ සම්පන්න ගුණය - 21