Print this Article


ශිෂ්‍යත්ව විභාග සිසුන්ට චිත්තාභ්‍යාස ආශිර්වාද පූජාව

ශිෂ්‍යත්ව විභාග සිසුන්ට චිත්තාභ්‍යාස ආශිර්වාද පූජාව

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වා සෙත් පැතීම උදෙසා චිත්තාභ්‍යාස ආශිර්වාද බෝධි පූජාවක් හා ගණදෙවි සරස්වති ආශිර්වාද දේව පූජාවක් කැලණිය හිඹුටුවැල්ගොඩ චිත්තභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි “චිත්තාභ්‍යාස පාලක සභාව“ මෙහෙය වීමෙන් මෙම විශේෂ ආශිර්වාද පූජාව මෙම අගෝස්තු මස 22 සෙනසුරාදා දින සවස 6.0 පැවැත්වීමට නියමිතය. සෙත් පිරිත් සජ්ඣායනා මැද පිරිත් නූලක් බැඳීම හා ආශිර්වාද තෙල් ආලේප කිරීම මෙදින සිදු කෙරේ.