Print this Article


දේවාල හන්දිය ප්‍රතිමා 560ක දම් සභා මණ්ඩපයක් ඉදිවේ

දේවාල හන්දිය ප්‍රතිමා 560ක දම් සභා මණ්ඩපයක් ඉදිවේ

ආණමඩුව ආසනයේ දේවාලහන්දිය ග්‍රාමයේ ආඩිගම හලාවත ප්‍රධාන මාර්ගයට හා සියඹලන්කොටුව මහා ජලාශයට මුහුණ ලා ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානයට රන්සෑගොඩ සිරිවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් වයඹ ආර්ට් ආස්ට් කලා සංසදයේ සභාපති හේ.මු. අනුර ඩී කොස්වත්ත මහතාගේ මෙහෙයුම් දායකත්වයෙන් 12 රියන් ඇතුළත විහාරය සහිත චෛත්‍යරාජයාණන් සමඟ බුද්ධ ප්‍රතිමා 560 ක් වූ දම් සභා මණ්ඩපය ඉදි කිරීමේ පුණ්‍ය කටයුත්තට මුල් ගල තැබීම වෙසක් පුන් පොහොය දින සිදු විය. මේ පින්කමට කුලියාපිටිය දියකල මුල්ල පිරිවෙන් අධිපති අත්තන්ගනේ ශාසනසිරි නා හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.