Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

සීලරතන හිමි

මහනුවර මහයාය විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති කටුගස්තොට ශ්‍රී රාහුල ජාතික පාසලේ ධර්මාචාර්ය මහනුවර ගඟවට කෝරලයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කීර්ති ශ්‍රී ශාසනෝද්ධීපක ධර්මබන්දු වංශාවතංශ සද්ධර්මෝද්ධජ ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති වල්දෙණියේ සීලරතන හිමි, උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාකාරක සංඝසභාවේ කාරක සභික ධුරයට පත්කර ඇත.

අපවත්වී වදාළ උඩරට අමරපුර නිකායේ ශාසන ඡ්‍යොතිකා කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී සංඝනායක ශාස්ත්‍රපති කුළුගම්මන දේවමිත්ත නාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන සීලරතන හිමි 1984 දී පැවිදි බිමට ඇතුළත්ව 1995 දී උපසම්පදාව ලබා බෞද්ධ රටවල් ගණනාවක ධර්මදූත මෙහෙවරක යෙදී ජාත්‍යන්තරව ධර්ම විනය සම්බන්ධව දැනුම ප්‍රගුණ කරගත් ධර්මධර බහුශ්‍රැත හිමි නමකි. ඊරිගම විද්‍යානන්ද පිරිවෙනේ ධර්මාචාර්ය වශයෙන් වසර දහයක් සේවය කර දැනට මිහිඳු දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරයි. විද්‍යානන්ද පිරිවෙන් විහාරයේ ශාසනික දියුණුව වෙනුවෙන් විවිධ අංශවලින් සේවාවන් රැසක් ඉටු කර ඇත.


අධි සිල් ලබති


ඇත්පිටියේ චන්දානන්ද හිමි


අම්පාරේ ධම්මානන්ද හිමි

අම්පාර, නවගම්පුර , සිව් මුණි සෑ වෙහෙර වාසී, ඇත්පිටියේ චන්දානන්ද හිමි හා එම විහාරවාසී අම්පාරේ ධම්මානන්ද හිමි යන ස්වාමීන්වහන්සේලා 2015.ජුනි 05 වන දින මහනුවර මංගල පුෂ්පාරාම උපෝසථාගාරයේ දී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අතිපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ වින්සත්වර්ගික මහා සංඝ සභාව වෙතින් අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදි පල්ලේගම හේමරතනාභිධාන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ උපාධ්‍යායව වහන්සේ වන අතර අනුරාධපුර තිසාවැව අරිප්පු පාරේ සිරි සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති, මහා විහාර මහා පිරිවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත, රිදියගම ඤාණතිලක හිමි ආචාර්යය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද වෙති.


මන්දාරම්නුවර සද්ධාතිස්ස හිමි

ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරය අංගොඩ මණ්ඩවිල අභයසුමනාරාමය යන උභය විහාරාධිපති සබරගමු පළාතේ ද්විතීය සංඝනායක මෝරාවත්තේ සුමනතිස්ස නාහිමියන්ගේ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ සහ ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විද්‍යායතනයේ සම්මාන පරිවෙණාධිපති ඇල්පිටිය ශී‍්‍ර ඇලපාතාරාමයේ හම්බන්තොට ශ්‍රී උපරතන බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති කෝම්පිටියේ සුසීල හිමියන්ගේ ශිෂ්‍ය මන්දාරම්නුවර සද්ධාතිස්ස පොඩි හාමුදුරුවන් වහන්සේ මේ මස 25 වෙනිදා මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදි අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබති.

හඟුරන්කෙත මන්දාරම් නුවර වයි. එම්. සෙනෙවිරත්න බණ්ඩාර හා එච්. එම්. කරුණාවති දෙපළගේ ආදරණීය පුතෙකු වු සද්ධාතිස්ස පොඩිහාමුදුවෝ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ මේ මස 27 වන දා පස්වරු 4.00 ට මහ පෙරහරින් ගොඩකවෙල ශී‍්‍ර මහින්දාරාම විහාරස්ථානයට වැඩම කරවන අතර ජූලි 01 දා රාත්‍රි 7.00 ට මංගල ධර්ම දේශනය පවත්වති.