Print this Article


ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ උපසම්පදා විනය කර්මය

සමස්ත අමරපුර මහා සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙවරත් ජූනි මස 19 වන දින පෙරවරු 8.00 සිට දෙල්ගොඩ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අග්ගමහා කම්මට්ඨානාචරිය විනය විශාරද ශ්‍රී සුමතිපාල වංශාලංකාර ඉඟුරුවත්තේ පියනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ කාරක සංඝ සභාවේ සහභාගීත්වයෙන් සිදු කිරීමට මහාලේඛකාධිකාරී පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කර තිබේ. උපසම්පදා අපේක්ෂකයන් වහන්සේලා වෙනුවෙන් ලිඛිත වාචික පරීක්ෂණයක්ද පවත්වා ඇති බව නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නා හිමියන් ශාසනාලයෙන් දන්වා සිටිති.