Print this Article


මිහිඳු උදානය පොසොන් කලාපය

මිහිඳු උදානය පොසොන් කලාපය

පොල්පිතිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් පන්සියගම කලාපයේ දහම්පාසල් ගුරු සංගමය දෙවන වරටත් පවත්වනු ලබන “මිහිඳු උදානය” පොසොන් කලාපය මෙවරත් ජුනි මස 03 හා 04 වන දෙදින තුළ පොසොන් තොරණ, කැරකෙන කූඩු, විශාල පහන් කූඩු, බෞද්ධ නාට්‍ය, බැති ගී ප්‍රසංග,උඩරට හා පහතරට නැටුම් සංදර්ශන ආදී විවිධාංග රැසකින් සමන්විතව පන්සියගම හල්මිල්ලගොල්ල ශී‍්‍ර ශෛලබිම්බාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන පැවැත්වේ. මෙම පොසොන් කලාපය තුළදී පන්සියගම කලාපයේ දහම් පාසල් 14 ක නිර්මාණද ප්‍රදේශයේ ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ.

පොල්පිතිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමයේ සභාපති හල්මිල්ලගොල්ලේ ඉන්දසාර ස්වාමින් වහන්සේ ප්‍රධාන ප්‍රදේශයේ මහා සංඝරත්නයේ අනුශාසනා මත මෙම පොසොන් කලාපය සංවිධානය කොට තිබේ.