Print this Article


පිළියන්දල සංකල්ප විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය වූ වගය

පිළියන්දල සංකල්ප විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය වූ වගය



සිරිපා අනුරුව


අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් හා ප්‍රදේශවාසීන් එක්ව එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රී පාද ලාංඡන අනුරුව නිරාවරණය කිරීමේ පින්කම දිවියාගහ යසස්සී නාහිමිපාණන්ගේ සහ කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික කටයුතු, ළමා යොවුන් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණි තිලකසිරි පළාත් සභා මන්ත්‍රිවරුන් වන නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න, හේමා ප්‍රේමදාස, ප්‍රවීණ ලේඛක කිවිපති සනත් පියසේන යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගි වූහ.