Print this Article


ගෞරව නාම ලැබූ කොත්මලේ සුදර්මා සිල්මෑණියන් පිළිගැනේ

ගෞරව නාම ලැබූ කොත්මලේ සුදර්මා සිල්මෑණියන් පිළිගැනේ

මහනුවර කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල්මෑණියන් අඩසිය වසරකට අධික කාලයක් සිදුකරන ලද ආගමික, ශාසනික හා සමාජ සද්කාර සේවය අගයමින් අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාව විසින් “සද්ධා ප්‍රසාදිනි ධර්මාචාරී යන ගෞරව නාම සම්මුතිය පිරිනැමීමෙන් පසු සිල්මෑණියන් පෙරහැරකින් කටුකැලේ ආරාමය වෙත වැඩමවාගෙන ගිය අතර සිල්මෑණියන් පිළිගැනීම නිමිත්තෙන් උත්සවය මහා සංඝරත්නය සහභාගීත්වයෙන් කටුකැලේ ධර්ම වික්‍රම බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

සිල්මෑණියන්ට උපහාර පිණිස සකස්කරන ලද උපහාර ග්‍රන්ථය එහිදී මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමද සිදු කෙරුණි.