Print this Article


බුදු ගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 12

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 12

සාධු! සාධු! සාධු!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ක්‍රෝධය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පලාසය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අභිමානය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මායාව මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාතෙයිය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඊර්ෂ්‍යාව මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපනාහය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්භය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාරම්භය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මාන්නය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසම්පජ්ඤ්ඤය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිහිය නැති)

12.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මජ්ඡරිය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක (මසුරුකම)

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෝසජ්ජය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක .(කම්මැලිකම)

14.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මදය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මූට්ඨසතිය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක , (සිහිය නැති)

16.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රමාද මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ප්‍රමාදය).

17. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුර්වචභාවය මැඩීමේ ඤාණයෙන් සම්පන්න බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(අකීකරු බව)

18. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෝහය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(මෝඩකම)

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාප මිත්‍ර ආශ්‍රය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිදිරිය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මිථ්‍යා දෘෂ්ටිය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අශ්‍රද්ධාව මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(ශ්‍රද්ධාව නැති)

23. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය අසංවරය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(සතුටු නැති)

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසන්තුෂ්ටිතාව මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආහාරයෙහි පමණ නොදැනීම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහෝක්ෂතාව මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනෝතප්පය මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ස්ත්‍රීන් දැකීම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිසෙහි ඇලීම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශික්ෂා ගරු නැතිකම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගුණමකුකම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නොඉවසීම මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාගරියානුයෝග මැඩීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(නිදි වර්ජිත)

34 .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විදර්ශනා භාවනා කිරීම ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදි අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සියලු පාපයන්ගෙන් මිදුනා වූ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව