| 
	
		| බොදු පුවත් (ඡායාරූප)
				
					
						| 
						 |  
						| සම්පදායානුකූල වාර්ෂිකව මාස් කන්නයේ 
						නෙළාගත් අස්වැන්නේ නො ඉඳුල් සහලින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් 
						පිදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 
						ඉකුත්දා සිදුකැරිණි.එම මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය 
						පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය 
						වුණි. එම අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස 
						නාහිමි, රුවන්වැලි මහසෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නා 
						හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර අමාත්‍යවරුන් 
						වන දුමින්ද දිසානායක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර , 
						නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුලු මහජන 
						නියෝජිතයෝ රැසක් ද විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ. 
						ඡායාරූපය - සුදත් සිල්වා
 |  
						| 
						 |  
						| ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු 
						මහා විහාර පාර්ශ්වයේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ 
						නායක පදවියෙන් පිදුුම් ලැබූ දීඝවාපී පරිවාර චෛත්‍ය රාජමහා 
						විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන් වෙත අභිනව නායක 
						පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 
						අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 
						පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී පෝද්දිවෙල 
						චන්දානන්ද නා හිමියන් වෙත රනිල් වික්‍රමසිංහ 
						අග්‍රාමාත්‍යතුමන් විසින් අක්තපත්‍රය පිළිගැන්වූ අවස්ථාව. 
						නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතා ඇතුලු අමුත්තන් 
						රැසක් ද ඊට සහභාගි වූහ. අම්පාර සමූහ – රවීන්ද්‍ර මැදගෙදර
 |  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		 බක් අව අටවක පෝය
 
		බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 
		9.54 ට ලබයි. 12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 
		12 වැනිදා ඉරිදාය.
 
		මී ළඟ පෝය අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |