|  පිළියන්දල කොළමුන්න ශ්‍රී බිම්බාරාමයේ පින්කම්කැස්බෑව සංචාරක , ධර්මසිරි සුරවීර 
			 
			2559 අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් 
			අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි මස 03 වැනි වෙසක්පුර පසළොස්වක පොහෝ දින 
			දක්වා පිළියන්දල කොළමුන්න ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට 
			කටයුතු යොදා ඇත. ඒ අනුව 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා රාත්‍රි 
			7 සිට 8 දක්වා ධර්මදේශනා පවත්වනු ලබන දේශකයාණන් වහන්සේලා පිළිවෙළින් 
			මෙසේය. නාහල්ලේ වජිර හිමි, ගොම්බද්දල දමිත හිමි, සූරියගොඩ සිරිධම්ම 
			නාහිමි, මකුරුප්පේ සෝමාලංකාර හිමි, 3 වන වෙසක් පෝය දින පෙරවරු 8.15 සිට 
			9.15 දක්වා මැදගම්පිටියේ විජිතධම්ම හිමි එදින පස්වරු 4.00 සිට 5.00 
			දක්වා පනහඩුවේ යසස්සි හිමි. ශ්‍රී බිම්බාරාමාධිපති කොළමුන්නේ සුමනවංශ 
			හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථ දායක සභාව සහ දහම් පාසල එම 
			පින්කම සංවිධානය කෙරේ.  |