| පානදුර ශ්‍රී සුභද්‍රාරාම විහාරයේ පින්කම් 
	
		| පානදුර ශ්‍රී සුභද්‍රාරාම විහාරයේ පින්කම් රොහාන් මල්ලවආරච්චි   
			 
			පානදුර කෙසෙල්වත්ත ශී‍්‍ර සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති 
			පුවක්පිටියේ පඤ්ඤාරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ තරුණ බෞද්ධ 
			සමිතියේ සංවිධානයෙන් තෙමඟුල් උත්සවයට සමගාමීව මෙවරත් අපේ‍්‍රල් මස 26 
			සිට මැයි 03 දක්වා යන දිනයන්හි රාත්‍රි 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා 
			මාලාවක් සංවිධානය කර ඇත. ඒ අනුව, අපේ‍්‍රල් 26 දින ඇත්කඳුරේ සුමනසාර 
			හිමි 27 මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි 28 මාණකඳුරේ පඤ්ඤාසාර හිමි, 29 
			කොටපල අමරකිත්ති නාහිමි 30 රජවත්තේ වප්ප නාහිමි මැයි 01 
			පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 02 යක්කලමුල්ලේ පඤ්ඤාලෝක හිමි යන 
			වහන්සේලා ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී සුභද්‍රාරාම 
			තරුණ බෞද්ධ සමිතිය විසින් එම පින්කම් මාලාව පුරාවට දන්සලක් 
			පැවැත්වීමටත් විහාරස්ථානය මෙන්ම විහාරස්ථානයට ප්‍රවේශ වන මාර්ගය විදුලි 
			බුබුළු සිය දහසකින් ඒකාලෝකමත් කරමින් අසිරිමත් ආමිස හා ප්‍රතිපත්ති 
			පූජාවට මුල් තැනක් දෙමින් අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීමට කටයුතු යොදා 
			ඇත.  |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		 බක් අව අටවක පෝය
 
		බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 
		9.54 ට ලබයි. 12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 
		12 වැනිදා ඉරිදාය.
 
		මී ළඟ පෝය අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |