Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ඉමහත් කැපවීමෙන් කටයුතු කරන සමාජ සේවිකාවක් සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී තිබේ. ප්‍රදානය කිරීමට කැමැති අයෙකු වෙතොත් 076 8590099 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


කිරිබත්ගොඩ, සමූපකාර නිවාස ක්‍රමයේ පදිංචි එල්.ඩබ්ලිව්. සී. අල්විස් නමැති අය වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඒ හෝ බී පොසිටිව්" වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන අංක 0779158191 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


බත්තරමුල්ලේ පදිංචි එච්.ජේ. විජේසිංහ යන අය වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නසාර් මහතා දන්වා ඇත. වයස 50 කට අඩු පරිත්‍යාගශීලියෙකු වේ නම් “බී පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර දුරකථන 0766648872 අංකයෙන් දැනගත හැකිය.


ගල්කිස්ස, ගාලු පාරේ අංක 523 1/ඒ හි පදිංචි යූ.එස්.ඒ මදනායක යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකථන 0766818977 හෝ 0773033637 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


නුගේගොඩ, පාගොඩ, 1 වන හරස් වීදිය අංක 18/6 හි පදිංචි ආර්.ඒ.ඩී. ඉමාලි උපාංගි වීරරත්න මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියකු වේනම් දුරකථන 0774550090 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


දුන්කන්නාව මානිංගල පදිංචි ( අවු. 44ක්) වයස දෙදරු මවක් වන කේ.දීපා චාන්දනී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු පවසති. ඇයට “ඕ පොසිටිව්” රුධිර ගණය සහිත වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. මේ සඳහා පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන අංක 071 8255498/0777 870842 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.