Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මැදකීඹිය ශ්‍රී ශේලචේතියාරාම විහාරාධිපති ගාල්ල සුධර්ම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමනවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි දරුවන් දෙදෙනෙකු පැවිදි බිමට ඇතුළත් කළහ.පල්ලාවෙල පදිංචි කේ.ඒ.එච්.ජී. කිත්සිරි සහ එච්.ජී. කරුණාවතී දම්පතීන්ගේ පුත් ළහිරු සම්පත් දරුවා පල්ලාවෙල සුමනරතන යන නමින්ද එම ගම පදිංචි කේ.ඩී. ධර්මසේන සහ එච්.ජී. සෝමලතා දම්පතීන්ගේ පුත් කවිෂ්ක දිල්හාන් පල්ලාවෙල සුමනසීල යන නමින්ද පැවිදි බිමට පත් කරන ලදී. විශ්‍රාමලත් විදුහල්පති ලේල්වල සුමේධ හිමි සහ අමරපුර මුම්මවංශික සද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක කණුමුල්දෙනියේ චන්දවිමල නා හිමි ඇතුළු මහ සඟරුවන සහභාගි වූහ වඳුරඹ සමූහ වාර්තාකරු වින්සර් මුණුගොඩ

තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාප වැඩහිටි බල මණ්ඩල හතකට අයත් වැඩිහිටි සමිති 57 ක වැඩිහිටියන් 2550 ක පමණ පිරිසක් පසුගියදා (12) මහියංගණය, පොළොන්නරුව හා සෝමවතිය යන ඓතිහාසික පුද බිම් වැඳ පුදා ගත්හ. එම වන්දනා චාරිකාව සංවිධානය කරන ලද්දේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය වැඩිහිටි මහ බල මණ්ඩලය මඟිනි. සෝමවතී රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය සියලු වැඩිහිටියන් සඳහා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික වරුණරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඔසු පැන් දන්සැලක්ද පවත්වන ලදී. එම චාරිකාවට තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක මල්උල්ලේ මේධානන්ද හිමි, එම කාර්යාලයේ පරිපාලන නිලධාරි කේ.බී. ඉලංගකෝන් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරි බී.එම්.බී.බස්නායක යන මහත්වරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් කිහිප දෙනෙක් සහභාගි වූහ.එම පිරිස සෝමවතී පුදබිමේ දී ආගමික කටයුතුවල යෙදුණු අවස්ථාව.

බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරය මගින් තායිවාන් ජියෝ හුවාසන් ද චිං ආරාමයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දසසිල් මෑණිවරුන් 3000 කට පිරිකර සහ මුල්‍යමය ආධාර පූජා කිරීමේ පින්කම පසුගිය 17 වැනිදා පැවැත්වුණි. එම පින්කම සඳහා රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා ඊට සහභාගි වූහ. ඡායාරූප – ලයනල් පී. පෙරේරා