Print this Article


“කෝවිද හිමි ධර්ම දේශනා” බෞද්ධ ග්‍රන්ථය 11 වැනිදා දොරට වඩී

“කෝවිද හිමි ධර්ම දේශනා” බෞද්ධ ග්‍රන්ථය 11 වැනිදා දොරට වඩී

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමියන් විසින් සම්පාදිත අලුත්ම බෞද්ධ ග්‍රන්ථය “කෝවිද හිමි ධර්ම දේශනා” දොරට වැඩීමේ උත්සවය මාර්තු මස 11 වැනිදා බදාදා සවස 3.00 ට බොරැල්ල Y.M.B.A  ශාලාවේ දී පැවැත්වේ. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘කෝවිද හිමි ධර්ම දේශනා’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය රැහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමි, ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමි සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.